Wednesday, October 10, 2012

Fairy

Fairy










ඔන්න අදත් කථාවෙන් පිට පනින්නයි යන්නේ.මගෙ යාලුවෙකුගේ පොඩි ඉල්ලීමක් තියෙනව Fairy ලා ගැන පොඩි විස්තරයක් දාන්න කියල යාලුව කව්ද කියල අවසර අරන් පස්සේ කියන්නම් .හරි එහෙනම් පටාන්ගමු. මුලින්ම කියන්න ඕන මමත් මේ වැඩෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත මේ ගොල්ලො ගැන අම්මල පොඩි බබාලට සුරංගනා කථා කියල දෙද්දි ඒ කථාවල ඉන්න සුරංගනාවියෝ මිත්‍යා විශ්වාසයන් විදියට තමයි අපි සලකන්නේ,ඉතින් අද මම කථා කරන්න යන්නේ මේ ගොල්ලන්ගේ සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියලයි. 













එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙක්.මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කල අතර දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප අරගෙන තියෙනව.දැන් කස්ටිය අහන්න එහෙම එපා මමත් උන්නද කියල ඒ කාලෙ මම මොන යකෙක් වෙලා උන්නද කියල මමවත් දන්නේ නෑ.එල්සි සහ ෆ්‍රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා අසල කුඩා සුරංගනාවියන් ඉගිලෙමින් සිටිනු දක්නට ලැබුන අතර එම ඡායාරූප දුටු අය පුදුම වී ඔවුන් දෙදෙනාගෙන් විමසුවිට ඔවුන් කීවේ ඒවේලාවේ ලස්සන සුරංගනාවියන් තමන් වටේ නටමින් සිටි බවයි.

මෙම ඡායාරූප පිළිබඳ ඒ කාලයේදි එංගලන්තය මහත් ආන්දෝලනයක් ඇති වූ අතර පසුව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ද මේ පිළිබඳව සොයා බැලිම සඳහා යෝක්ෂයර් ප්‍රාන්තයට පැමිණි ඇත .මේය අසත්‍යක් බව ඔප්පු කිරිම සඳහා බොහෝ දෙනෙක් උත්සාහ කල නමුත් කිසිවෙකුට එසේ කිරීමට නොහැකි වීම නිසා අවසානයේදි අති දක්ෂ ඡායාරූප ශිල්පින් පවා මේ ඡයාරූප පරික්ෂනයට ලක් කර ඇත.ඔවුන් කියා සිටියේ එම ඡායාරූප සත්‍ය ඡායාරූප බවයි.තවද ප්‍රධාන පෙළේ දළ සේයාපට නිපදවන සමාගම්ද මේ ඡායාරූප සත්‍ය බව දිවුරා ප්‍රකාශ කර තිබෙනව.

කස්ටිය දන්නව නේද ලෝ ප්‍රකට රහස් පරික්ෂක චරිතය වූ ෂර්ලොක් හොම්ස් .මේක ලියන්න කියපු යාලුවත් මට ෂර්ලොක් හෝම්ස් පොත් 2 ම දුන්න.හරි ආයෙ කථාවට එමු.මේ ෂර්ලොක් හෝම්ස් කථා නිර්මාණය කළ සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයත් මේ ඡයාරූප සත්‍ය බව පිළිඅරගෙන තියෙනව.එල්සි සහ ග්‍රාන්සස් ඇත්ත වශයෙන්ම සුරංගනාවන් හමූවී ඇති බව මුළු ලොවම පිළිගත් අතර සර් ආතර් කොනන් ඩොයිල් “සුරංගනාවන්ගේ පැමිණිම”නමින් පොතක් ද ලිව්වේය.



හරි දැන් කියන්න යන්නේ තවත් කථාවක්.කලින් කියපුදේට වඩා මම විස්වාස කරන්නේ මෙන්න මේ දේ ගැන. 



දැකපු ගමන් තේරෙනවනේ මේ ‍මොකක්ද කියල. විද්‍යාඥයින් කියන විදියට මේ ඉන්නේ සුරංගනාවියක්.මුලින්ම අපි විද්‍යාඥයින්ගේ මතය බලමු පස්සේ මගේ මතය මම කියන්නම්.මේ මෘත ශරීරය සොයාගෙන තියෙන්නේ ගම් වැසියකු විසින්.මෙම පුද්ගලයා තම සුරතල් බලුපැටවා සමග Derbyshireගම්මානය අසලින් ඇති වනාන්තරයක් ඔස්සේ යන විට ඔහුට මෙම අභිරහස් මළසිරැර හමුවෙලා තියෙනව. 








මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින මෙම සිරැර බෙහෙත් ගල්වා සංරක්ෂණය කර ඇත.පියාපත්ද සහිතව මෙම සිරැරේ සම්පූර්ණ දිග අගල් 8 පමණ වන අතර ශරීරයේ ස්වභාවය හා සිහින්ව එල්ලා වැටෙන රක්ත වර්ණ කෙස් වැටිය නිරීක්ෂණය කළ මානව විද්‍යාඥයින් හා අධිකරණ වෛද්‍යවරැන්ගේ අවසාන මතය වූයේ මෙම ජීවියා අසාමාන්‍ය ජීවී කොටසකට අයත් ජීවියකු බවයි.මේ අනුව පෙනී යන්නේ මෙම ජීවී විශේෂය අප සුරංගනාවන් යනුවෙන් අදහස් කරන ජීවීන්ට සමාන බවයි. වැඩි දුර පරීක්ෂන සදහා එක්ස් කිරණ යොදාගන්නා විද්‍යාඥයින් පවසන්නේ මොවුන්ටම ආවේනික වූ සැකිලි පද්ධතියක් ඔවුන්ගේ සිරැර තුල පිහිටා ඇති බවයි. එසේම මෙම සැකිලි පද්ධතිය මානව ළදරැවකුගේ සැකිලි පද්ධතියට සමාන බවද ඔවුන් පවසනවා.මොවුන්ගේ අස්ථි, කුහර සහිතව පිහිටා ඇති අතර පක්ෂීන්ගේ මෙන් සැහැල්ලු බවකින්ද යුක්ත වෙනව.එසේම මෙම මළ සිරැරෙහි පෙකනිය පිහිටා නොතිබීම හා ප්‍රජනන අවයව පිහිටා නොතිබීමද විද්‍යාඥයින්ගේ විස්මයට කරැණක් වී තිබෙනව.මේ අනුව විද්‍යාඥයින්ගේ නිගමනය වූයේ මොවුන් ස්වාධීනව තම වර්ගයා බෝ කිරීම සිදු කරන බවයි.මෙම පරීක්ෂණ සියල්ල අවසානයේ විද්‍යාඥයින් මෙම මළ සිරැර ජීවියෙකුගේ සත්‍ය ශරීරයක් බවද තහවුරැ කරල තියෙනවා.

ඔන්න දැන් මම විද්‍යාඥය වෙන්නයි යන්නේ.මේක දැකපු සමහර පුද්ගයින් කියන්නේ මෙය ව්‍යාජව සකස් කරන ලද්දක් බවයි.ඔවුන් පවසන්නේ මෙය ගසක කොල 4 උඩ මිනිසකුගේ ආකාරයට තැනූ ආකෘතියක් තබා ගත් ජායාරෑපයක් කියලයි.දැන් අපි කථාකරන්න යන්නේ මෙහි සත්‍යතාව පිළිගැනීමට හැකි ලක්ෂන පිලිබදව. මම දැන් ඒ ගැන මට හිතෙන දේ කියන්නයි යන්නේ.ඔයාල දකින්න ඇති මෙයාලගෙ අත්තටු පිහිටල තියෙන හැටි 



මෙහි පියාපත් අතර ඇති අස්ථි වැනි අංගයන් පත්‍රය පුරාම සමචතුරස්‍ර අකාරයේ කොටු සාදමින් විහිදී ඇති අන්දම අපට පැහැදිලිව දැක ගන්න පුලුවන්.සාමාන්‍ය ශාක පත්‍රවල නාරටිය ඔස්සේ දෙපැත්තට මෙවැනි රේඛාවන් පිහිටා තියෙනව (මම ශාක ගැන ඉගෙනගෙන නෑ දන්න විදියටයි කියන්නෙ)  ඉතින් මෙය ව්‍යාජව සකස් කරන ලද්දක් නම් මෙම පියාපත් තුලද රේඛාවන් එම ආකාරය‍ට පිහිටා තිබිය යුතුයි. නමුත් මෙහි පිහිටා ඇත්තේ දැඩි පීඩනයකට හසු වුවද පියාපත් ඉරා යාමකට ලක් නොවී ශක්තිමත්ව වාතය හා ගැටීමකට උපයෝගී වන සැකිල්ලක්.ඒ වගේම සියලුම පියාපත් වල එම ශක්තිමත් සැකිල්ලේ පිහිටීම පැහැදිලි ලෙස දැකගන්න අපට පුලුවන්.තවද මෙහි ඇති රතු කෙස් වැටියද පැහැදිලිව හිසෙන් ආරම්භ වී ඇති බව දැකිය හැකියි.මීට අමතරව මුඛයේ පිහිටා ඇති සුදුපැහැති දත් ද පැහැදිලිව දැකගන්න පුලුවන්. තවද මෙම මළ සිරැර පොලිස් සාක්ෂියක් ලෙස සුරක්ෂිතව තබාගෙන ඇති බව මළ සිරැරට පහලින් ඇති විශේෂිත ආරක්ෂක ආවරණය මගින් පැහැදිලි වෙනව.



සාමාන්‍ය මිනිස් සිරැරකට සමානකම් දරන මෙම මළ සිරැරේ අතෙහි පිහිටා ඇති ඇගිලි පවා ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. විද්‍යාඥයින් ගේ නිගමන හා ජායාරෑප විශ්ලේෂකයන්ගේ නිරීක්ෂන අනුව අවසානයේදී පෙනී යන්නේ මෙම සුවිශේෂී ජීවියා ව්‍යාජව සකස් කරන ලද්දක් නොවන බවයි.සුරංගනාවියන් මිත්‍යා විශ්වාස ලෙස අප සැලකුවද මෙම අභිරහස් ජීවියා සමග සංසන්දනය කිරීමේදී සුරංගනාවියන් යනු තවදුරටත් මිත්‍යාවක් නොවන බව පැහැදිලි වේ.

දැන් තමයි ලොකුම පුරස්නෙ එන්නේ.කලින් මම ලියපු දියකිදුරියෝ ලිපියටත් මෙහෙ‍ම පුරස්නයක් ආව.ඒ තමයි මේ ගොල්‍ලන්ගේ අපි කියන තරම් ලස්සනක් නැති වීම. දැන් ඒ ගැනයි කථා කරන්න යන්නේ. කස්ටිය දන්නවනෙ මේක මළ සිරැරක් ඒ කියන්නේ ජීවයෙන් තොර ශරීරයක්. දැන් අපි බලමු මිනිස් මළ සිරැරක තත්ත්වය ‍කොහොමද කියල.



මෙන්න මේකයි තත්වය. මෙයාට මෙහෙම වෙන්න කලින් මෙයා හැන්ඩි කොල්ලෙක්. මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ පිංතුර දාන්න බෑ නීතිමය ප්‍රශ්න ඇති වෙන නිසා.ඉතින් අපි උනත් කොහොම හිටියත් මැරැනට පස්සේ මේ වගේ තත්වයකට තමයි පත් වෙන්නේ.ශරීරය දුර්වල වීමත් සමග විවිධ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් නිසා සිරැර දිරාපත් වීමට පටන් ගන්නවා.ඉතින් අපි මේ කථා කරන සුරංගනාවියටත් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්න පුලුවන් .අව්රශ්මියට හා දීර්ඝ කාලීන ක්ෂුද්‍රජීවි බලපෑම් නිසා හෝ ස්වයන් වර්ගයා බෝකිරීමේ පියවරක් ලෙස සිරැරට මෙවැනි පෙනුමක් ලැබෙන්න ඇති.කෙසේ වෙතත් මළ සිරැරකින් මෙවැනි ස්වභාවයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය දෙයක් නිසා සුරංගනාවියන්ගේ ලස්සන පිළිබදව ප්‍රශ්නයක් ඇති කරගැනීමට අවශ්‍ය වෙන්නෙ නෑ.



රත් පැහැ කෙස් කලඔ හා සුදු දත් ඇති නිසා එම මළසිරැරද මේ වගේ ලස්සන කෙනෙකුගේ කියල අපට හිතන්න පුලුවන්.මේ අනුව  සුරංගනාවියන් යනු මිත්‍යාවක් නොව සත්‍යක් බව පිලිගැනීමට හැකි මට්ට‍මේ සාධක පවතිනවා.මෙම මළසිරැර වනාන්තරයක තිබී හමු වී ඇති නිසා ස්වභාවධර්මය සමග ඉතා මිත්‍රශීලී පිරිසක් බවද සිතිය හැකිය. මොවුන්ගේ පෙනුම තුලද එවැන්නක් ගැබ්වී ඇති බව පැහැදිලියි.

හරි එහෙනම් අදට කථාව ඉවරයි මේ.මම මේක ලියන්න කලින් ගූගල් වලින් තොරතුරැ බලලයි වැඩේ පටන් ගත්තේ ඒ වගේම මේ කථා කරපු දේවල් විශ්වාස කිරීමට හැකි මට්ටමක පවතින නිසයි මම මේ පොස්ට් එක දැම්මේ. හැබැයි මෙයාල ගැන තියෙන තොරතුරැ ප්‍රමාණය සීමිතයි ඒ නිසා ඔයාලත් පොඩි ට්‍රයි එකක් දාල බලන්න මෙයාල ගැන හොයන්න. එහෙනම් මම යනව තවත් පෝස්ට් එකක් ලගදිම අරගෙන එන්නම්. 

ආ... තව ටිකෙන් අමතක වෙනම මුලින්ම මාව මේ ට්‍රැක් එකට දාපු  ඉශානි නංගියට තැන්ක්ස් කරන්න න. ඒ වගේම මේ ගැන තොරතුරැ හොයන්න උදව් කරපු ටිම්මි නංගියටත් පොඩි තැන්ක්ස් පාරක් දෙන්න ඕන. ‍එහෙනම් අදට ඉවරයි අලුත් දෙයක් අරන් ආයේ එන්නම්.

17 comments:

  1. There is No One else get Happy than me by reading this post. THANK YOU sooo much brother. This is really interesting. Even i didn't know this much things about fairies..
    THis is Superb.....THANKX!!!
    EVERYONE SHOULD BELIEVE THAT FAIRIES ARE ALIVE!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. thanx sister... Now everyone believe YOU...

      Delete
  2. amazin..Fairies are real!!
    crois qu'il est réel....

    ReplyDelete
    Replies
    1. yap shashi its real!!
      oui c'est vrai. maintenant, nous pouvons croire que les choses thoes.

      Delete
  3. Pasa niyama wadak machn. ubatath mara adahas neda pahala wenne. machn me mona lanuage ekada??

    ReplyDelete
  4. ayya oya ayeth wada patan aragena wage neda. Realy nice post ayya. Ape scl eke project ekatat me wage deyak karanna mama kamati podi help ekak denna puluwan neda ayyata!!

    ReplyDelete
    Replies
    1. thnx nanga free time tibunot mama help ekak dennam

      Delete
  5. Wooooow my fairys are real. WOOOOW WOOOW
    ayya this is fantastic....
    ayya dan oyage study wada ehema kohomada?

    ReplyDelete
    Replies
    1. thanx nangiya. m.. study wadanam itin aulak natuwa karagena yanawa

      Delete
  6. machan supiri a.... niyama wadak. me eka neme uba ape gewal patte enne nadda ban. ape ammat ubawa ahanawa. uba itin ape ammalawath rawatuwane bn dan ape ammata uba taram hoda lamayek na. me badulu patte awot aniwa waren ok dawas 2 3 idala yannama waren.

    ReplyDelete
    Replies
    1. thnx shammiya. yako ubalage gedara ennat dawasak witarama yanawa tawa 2 3 idalat yanna onada. paule kattiyawa matak kara kiyapan'

      Delete
  7. i read all ur posts...keep it up..good luck :)

    ReplyDelete
  8. i depply wanna meet a fairy pasan...gud lk.

    ReplyDelete
  9. එල්සිලගේ කතාව බොරු කියල පසු කාලයකදී එක සොහොයුරියක් විසින් ප්‍රකාශ කලා. ඒ ඇගේ මරණ මංචකයේදී.

    ReplyDelete