Friday, June 22, 2012

1947 ජූලි

1947 ජූලි

 

අද කියන්න යන්නේ තවත් කථාවක් ගොඩක් අය 1947 කිව්වට දන්නෙ නැතුව ඇති. ඒත් New Mexico Roswell කිව්වොත්නම් දන්නව ඇති. කථාව ලියන්න කලින් තවත් දෙයක් කියල ඉන්නම් කස්ටියට බලල තියෙනවද

 

Roswell (1999–2002)

 මේක TV series එකක් ඉස්සර ටීවී එකේ ගියා. මමත් කොළඔ වටේ රවුම් ගැහුව මේ series ටික හොයාගන්න. series ටිකනම් හම්බුනා ඒත් ඉතින් ඒ ගානට මෙක ගත්තොත් මාව විකිණෙනව අනික මේකෙ series 3 ම තියෙනව. ඉතින් ඔහොම ඉද්දි අපේ කුරැණැගල FIT ක්ලාස් එකේ පොරක් මට මේ series ටික දුන්න. අප්පේ මට දෙයියෝ බුදුන් දැක්ක වගේ. මේ පොරගෙ නම දමිත ලව් එකට කියන්නේ සොකා කියල මෙයා එළකිලි ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක්. හරි එකෙක් ගැන කියපු නිසා අනිත් උන් ගැනත් කියන්නම වෙනව නැත්නම් මට යහතින් ඉන්න වෙන්නේ නෑ. මුලින්ම ඔන්න ලසිතය (මූ මගෙ බුදු ෆිට් එක අපේ අම්මලගෙත් හිත දිනාගෙන ඉන්නෙ. අම්ම හිතන් ඉන්නෙ මූ හෙන හොද කොල්ල කියල මමනෙ දන්නේ මුගෙ හැටි ) , වජිර ( මේකට දැන් අපිව මතකත් නෑ එත් ඉතින් එළකිරි කොල්ලෙක්) ,නුවන් (මේක හෙන ඉංගිරීසි කාරය අපි මුගෙන් තමයි කොපි කරන්නේ. වජිරයයි මූයි අත්වැල් බැදගෙන තමයි කලාස් එකට එන්නේ  ), දමිත ( මේ සොකා නෙ‍මේ වෙන එකෙක්. මූ ඉතින් පොලට ගියත් උගෙ ලැප උස්සගෙන තමයි යන්නේ අපිටත් හොදයි ඉතින් චිත්තරපටි එහෙම බලන්න පුලුවන්නේ ) තව පොරක් හිටිය බිග් බොස් කියල මට ඒකගෙ නම මතක නෑ. දැන් ලේඩීස්ලව බලමු. අනූ අක්කා(කලින් බුදු ෆිට් එකට මෙයාගෙ පොඩි කනෙක්ෂන් එකක් තියෙනව ඉතින් ඒ නිසා මගෙත් බුදු ෆිට් වගේ තමයි) , දිල්හානි අක්කා ( අනේ ඉතින් තාමත් එලකිරි වගේ කථා කරනව), අජන්ත අක්ක ( මෙයාව මූනු පොතෙන් සෙට් උනොත් මෙයා පොඩි චැට් පාරක් දාල එකපාරට අතුරැදහන් වෙනව), මනෝහාරි අක්ක ( මෙයාට ඉතින් ච්ත්තරපටි කිව්වොත් පැනගෙන එන්නේ දමියගෙ ලැපේ පිහිට තමා එතකොට) හරි මේ තමයි කස්ටිය. 

 වම් පැත්තේ එක පුටුවෙ ඉදගෙන ඉන්නේ බුදු ෆිට් කොල්ලො දෙන්න.
(බුදු ෆිට් උනත් ඉතින් මුන් දෙන්නටත් ටිකක් පිස්සු මොකද මාත් ඔතන ඉන්නවනෙ) .
බර කල්පනාවක ඉන්නේ ඉංගිරීසි පොර.

මෙන්න තියෙනව දමියගෙ පොලේ ගෙනියන ලැප් එක.. 
(ලැප නැතත් බෑග් එක හරි අරගෙන මූ පොලේ යයි.)
ඔන්න ඉන්නව ලමිස්සියො ටික මනෝහාරි, දිල්හානි, අජන්තා, අනුපමා 


මෙන්න ඉන්නව දමිය මෙයා ඉතින් කොයි වෙලෙත් කිට මරල තමයි ඉන්නේ. 
 ඊලගට ලසිය, පසා (මූටනම් ඉතින් හොදටෝම පිස්සු.), නුවා, වජිරය(මෙයාගෙ සෝයි පොටෝ එකක් තියෙනව පස්සේ දාන්නම්කො)

මොනව හරි වෙනස් කරන්න ඕනනම් හීන්සැරේ මට පොඩි කෝල් එකක් දෙන්න හොදේ.
මම මොනදේ කිවුවත් ජීවිතේ හම්බුනු හොදම යාලුවො කස්ටියක් තමයි මෙයාල. තව කස්ටියක් ඉන්නව අපේ ඉස්කෝලේ එයාලත් මෙයාලට දෙවෙනි නෑ ඉස්සරහට ලියන පෝස්ට් එකක උන් ගැනත් කියන්නම්,






හරි අපි අද කථාවට එමු . අද කථා කරන්නේ රොස්වෙල් ගැන මම කලින් කියපු කථා මාලාවෙත් මේ සීන් එකම තමයි යන්නේ. මේ සිද්ධිය ගැන මම කථා කරන්න යන්නේ series විධියට ඒ කියන්නේ කොටස් වශයෙන් මොකද මේක දිග කථාවක්. 1947  කියන්නේ පිටසක්වලයින් පිළිබදව උනන්තදු වෙන අයට ඉතාමත් විශේෂ වසරක්. 1947 ජූලි මාසයේ 4 දින ඇමරිකාවේ නිව් මෙක්සිකෝ නගරයේ රොස්වෙල් හි සිදුවූ හදුනා නොගත් පියාසර වස්තුවක් පිපිරිමේ තොරතුරත් සමග පිටසක්වලයින්ගේ තොරතුරැ සවිස්තරව ලෝකයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබුන. 1947 ජූලි 3 වනදා රාත්‍රියේ මැක් බ්‍රෙසල් රොස්වෙල් අසල කාන්තාරය මැදින් ගමන් කරන විට ඇසුණු විශාල ශබ්දයක් නිසා තිගැස්සිලා ඒ ශබ්දය මොකක්ද කියල පරීක්ෂා කරල බලන්න ජූලි 4 වැනිදා උදෑසනම එහි පිටත් වෙලා තියෙනව. මෙයාට දකින්න ලැබුනෙ  විශ්මිත දෙයක්. ඒ තමයි පිටසක්වල යානයක් පිපිරීමෙන් විසිරී ඇති ලෝහ කොටස් වගයක් . අන්තිමට ගමේ කට්ටිය එකතු වෙලා මේ සිද්ධිය ගැන රොස්වෙල් ගුවන් හමුදා කදවුරැ මූලස්ථානයට දැනුම් දී ල තියෙනව. ඒ දැනුම් දීමක් සමග විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මේ ස්ථානයට ඇවිත් විශාල වශයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරා කියල තමයි සදහන් වෙන්නේ. පරීකෂණ කටයුතු අවසානයේ දිගින් සැතපුම් තුන්කාලක් හා පළලින් යාර 250 ක වර්ගළුලයකින් යුතු පෙදෙසක අසාමාන්‍ය ලෙස ලෝහ කැබලි විසිරී ඇති බව මොවුන්ට දැකගන්න හැකිවෙලා තියෙනව. ඒ වගේම මෙම ප්‍ර‍දේශය අවට තිබූ වැලි අධික තාපයකට ලක් වෙලා වීදුරැ බවට පත් වී ඇති අයුරැද මොවුන්ට නිරීක්ෂණය කිරීමට හැකි වෙලා තියෙනව. දිගින් දිගටම පරීක්ෂණ කටයුතු කරගෙන යාමේදී මේ ගොල්ලන්ට තවත් වටිනා දෙයක් දැකගන්න ලැබිල තියෙනව. ඒ තමයි මීටර් කීපයක් ඈතින් වූ අත්භුත හැඩයකින් යුත් මළ සිරැරැ හතරක්. (සමහර විට කස්ටිය හිතන්න ඇති කඩන් වැටුනු යානයට යට උනු මිනිස්සු කියල).  මේ මළසිරැරැ වලට ඉතා අත්භුත පෙනුමක් තිබුන කියල තමයි පරීක්ෂණ කණ්ඩායමේ වාර්ථාවේ සදහන් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් ශරීරයකට වඩා අසාමාන්‍ය බවක් මෙම මලසිරැරැ වලින් දිස් වෙලා තියෙනව. ඉතාම කෙසග සිරැරැ වලින් යුත් මේ මළ සිරැරැ වල උස අඩි 5 පමනද, හිස පෙදෙස කදට වඩා ප්‍රමාණයෙන් විශාල ලෙසද දිස්වෙලා තියෙනව. දැන් ඔයාලට තේරෙනවනේ පිටසක්වල කස්ටියගේ ලුක් එක මොන වගේද කියල. මේ ගුවන් හමුදා කදවුරේ සේවය කරපු සාත්තු සෙවිකාවක් තමන් ආගන්තුක පෙනුමක් ඇති ජීවීන් විශේෂයක් පරීක්ෂා කිරීම සදහා වෛද්‍ය වරැන්ට ආධාර කල බව මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් පසුව ඇයව බ්‍රිතාන්‍යට මාරැ කර යැවූ අතර එහිදී ඇය අභිරහස් ලෙස ගුවන් අනතුරකින් මියගොස් තිබෙනව..මේ සිද්ධිය ඉහල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලෝකයාගෙන් වසන් කිරීමට දැඩි උත්සාහයක යෙදුනු බව තමයි වාර්ථා වෙන්නේ. සමහර විට මෙම තොරතුරැ වසන් කිරීම සදහා හමුදාව විසින් ඉතාමත් දරැනු ක්‍රම අනුගමණය කරන්නත් ඇති. 






පසුව 1947 ලැබුනු සාක්ෂි වලටත් වඩා ඉතාම ප්‍රභල සාක්ෂි 1995 දී ඉදිරිපත් උනා.මේ තොරතුරැ හෙලි කලේ රේ සැන්ට්ලි (Ray Santlie) සහ ජැක් බාර්නට් (Jack Barnet) යන අනුවර්ථ නාමයෙන් හැදින්වූ හිටපු හමුදා කැමරා ශිල්පියෙකු විසිනුයි. ඔහු මගින් පිටසක්වල ජීවීන්ගේ ශරීර පිළිබදව අප නොදත් බොහෝ කරැණු ලොවට හෙලිවිය . සැන්ට්ලි වෟත්තියෙන් චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු ගේ වාර්තා චිත්‍රපටයක් සදහා අවශ්‍ය කරැනු එක්රැස් කිරීම සදහා ජැක් බාර්නට් කරා පැමිණි අවස්ථාවක ජැක් විසින් ඔහුට මිලිමීටර 16 ක පැරණි සිනාමා පටයක් පෙන්වීමට කටයුතු කරල තියෙනව. සිනමා පටය ටිකෙන් ටික දිගහැරෙන විට දුටු දෙයින් චිත්‍රපට නිෂපාදකයා විශ්මයට පත් වී ඇති අතර. පසුව ඔහු මෙහි සත්‍යතාව පිළිබද ජැක්ගෙන් විමසා ඇත. ජැක් බාර්නට් පවසා ඇත්තේ මෙය තමන් විසින් 40 ගණන්වල අගදී හමුදා කැමරා ශිල්පියෙක්‍ර ලෙස සේවය කළ කාලයේ සිදුකරන ලද විශේෂ රාජකාරියක් බවයි.

 මේ තියෙන්නේ ඒක ඔයාලම බලන්නකෝ





මෙම චිත්‍රපටියේ අත්භුත මළ සිරැරක කායවිජ්චේදනය කරන වීඩියෝ එකක් තමයි තිබිල තියෙන්නේ. ඒ 1947 වසරෙ සිදුවූ සිද්ධියෙහි හමුවූ මියගිය පිටසක්වල ජීවයෙකු බවද එදින හදිසි රාජකාරියක් සදහා රොස්වෙල් වෙත පැමිණෙන ලෙස මොහුට අණ ලැබුනු බවද ජැක් විසින් පවසා තියෙනව .ඔහුව කැදවනු ලැබුවේ Fort Worth Hospital වෙතටයි. මෙහි ගිය ඔහුට අසාමාන්‍ය ජීවීන්ගේ සිරැරැ පරීක්ෂා කරන අන්දම රෑ ගත කිරීමට පැවරැනු අතර මෙම රෑගත කිරීම් වල සිනමාපට වොෂින්ටනය බලා යැවු බවත් ජැක් සැන්ට්ලි හට පවසා ඇත . පසුව සැන්ට්ලි මෙම තොරතුරැ ලෝකයාට හෙලි කර ඇත. නමුත් ජැක් බාර්නට් මේ පිළිබද කිසිදු කරැණක් හෙලි නොකල නිසා බොහෝ දෙනා මෙය පිළිගැනීමට පසුබට වී ඇත.  පසුව සැන්ට්ලි විසින් රෑගත කල දර්ශනය එම ආකාරයෙන්ම(කිසිදු සංස්කරණයක් නොකර)  චිත්‍රපටයක් ලෙස නිපදවා පෙන්වීමට පටන් ගෙන ඇත. හරි අදට මෙතනින් නවතිනව මේකෙ දෙවෙනි කොටස අරගෙන තවත් පෝස්ට් එකකින් එන්නම්. ( කලින් පෝස්ට් වලට පොටෝ මදි කියල හංසයෙක්ගෙන් පොඩි චෝදනාවක් තියෙනව ඒ නිසා මේකට පොටෝ ටිකක් වැඩියෙන් දැම්ම.හංසයා මගේ යාලුවෙකුගේ යාලුවෙක්) 

http://en.wikipedia.org/wiki/Roswell_UFO_incident
http://www.wired.com/thisdayintech/2010/07/0708army-announces-roswell-new-mexico-ufo-sighting/ 



   

Thursday, June 21, 2012

බර්මියුඩා ත්‍රිකෝණය

බර්මියුඩා ත්‍රිකෝණය


ආයෙ ට්‍රැක් එකට ආව.. හරි එහෙනම් කස්ටියට මතක‍නේ මම ‍මේ තිරි‍කෝ‍‍‍‍ණෙ ගැන කථා කරනව කිව්ව කියල. ඔන්න ඉතින් ඒ ගැනත් කථා කරන්න යන්‍ නෙ. ඉතින් ලියන්න කලින් ‍පොඩි ගූගල් පාරක් දැම්ම. ම‍‍ගෙ අප්පේ තිබුනු ‍පෝස්ට් ‍ගොඩ, ‍හුග ‍දෙ‍නෙක් ‍මේ ගැන කථා කරල තිබුන. මමත් ඉතින් ඒව කියවල බැලුව ‍ගොඩක් වැදගත් ලිපි ‍පෙලක්ම තිබුන.හැ‍මෝම ‍මේ ගැන කථා කරලනම් මම කථා ‍නොකර උන්‍‍නොත් හරි නෑ‍ වගේනෙ ඉතින් මමත් ඒ ගැන ටිකක් කථා කරන්න කියලයි බැලු‍‍‍වෙ ‍මොකද ‍මේකටත් පිටසක්වලයින්ගෙ ‍පොඩි ක‍නෙක්ෂන් එකක් ති‍යෙනව කියල කථාවක් ති‍යෙනව.  මමත් ඉතින් ටිකක් ‍හොයල බැලුව ඇත්තක් ති‍යෙනව කියල මටත් හි‍තෙනව...






මෙන්න ‍මේක තමයි ඔය කියන ත්‍රිකො‍‍්ණෙ. ඇමරිකාවේ ෆ්‍‍ලොරීඩා හා බ්‍රසීල මුහු‍දේ සැතපුම් 200 උතුරින් පිහිටි ලක්ෂ 3 යා කරන වර්ගකි‍ලෝමීටර දහස් ගණනකින් සැදුම් ලත් තැනක් තමයි ‍මේක.  අතීත‍යේ සිට ‍මේ දක්වා ‍මේ ගැන විවිධ මත පලවුවත් අදවන ‍තෙක් නිෂ්චිත නිගමනයකට එලැබීමට පරීක්ෂකයන්ට අපහසු වෙලා තියෙනව.. ඒ මක්නිසාදයත් ‍මේ ආශ්‍රිතව සිදුවන සියලු සිද්ධින් මිනිසා ව්‍යාකූල  කිරීමට සමත් වීමයි.

1945 ඉදල ‍මේ දක්වා ‍මෙයට බිලිවූ ගුවන් යානා ප්‍රමාණය ඉතා විශාලයි.‍‍නෞකාවන් 250 කට අධික ප්‍රමාණයක් හා මිනිසුන් දහස් ගණනක් ‍මෙහිදී අතුරැදහන් ‍වෙලා ති‍යෙනව කියල තමයි පරීක්ෂක‍යෝ කියන්නේ. ‍මෙම අතුරැදහන්වීම් වල වි‍ශේෂ ලක්ෂණය තමයි අතුරැදහන් වූ ‍නැවක ‍හෝ යානාවක සුන්බුන් වශ‍යෙන්වත් කිසිම ‍දෙයක් ‍සොයාගැනීමට ‍නොහැකි වීම. ඒ කියන්නේ ‍මෙහිදී අතුරැදහන් උනු යානාවක ‍‍හෝ නෟකාවක ‍ ‍තෙල් බිදුවක්වත් ‍සොයාගන්නට ලැ‍බෙන්නේ නෑ. (මාරයි ‍නේ)  පරීක්ෂකයන් කියන විදියටනම් ‍මේකට ‍හේතුව ‍මෙම ප්‍රදේශ‍‍යේ ඇති අධික ගුරැත්වාකර්ශනයලු. එත් ඉතින් ‍මෙතන ති‍යෙන අවුල තමයි ‍මේ ‍දෙවල් ‍වෙන්නේ ගුරැත්වාකර්ශනය නිසානම් ‍මේ අතුරැදහන් වන ‍නෞකාවල ‍හෝ යානාවල ‍‍කොටස් මුහුදු පතු‍ලේ තිබිය යුතුයි. ඒත් එම සුන්බුන් මුහුදු පත්ලේද ‍නොමැති නිසා අධික ගුරැත්වය නිසාම පමණක් ‍මෙම අතුරැදහන්වීම් සිදුවනවායැයි විශ්වාස කල ‍නොහැකියි. අ‍නෙක් කරැන නම් ‍මෙහි යන සියලුම ‍නෞකා හා ගුවන් යානා අතුරැදහන් ‍නොවීමය. ‍මෙම සිද්ධියට අධික ගුරැත්වය බලපායි නම් සියලුම යානා සහ ‍නෞකා අතරැදහන් විය යුතුය නමුත් එ‍සේ වන්නේද නැත.



1945 දෙසැම්බර් 5 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් ටී.එම්.බී බොම්බ හෙලන ප්‍රහාරක යාන 5 ක් මේ ප්‍ර‍දේශයට ඉහලින් පියාසර කරමින් තිබී ඇත. ගුවන් ගත කල මොහොතේ සිට  ගොඩබිම් පාලන මධ්‍යස්ථාන සමග  සාමාන්‍ය පරිදි සංඥා හුවමාරැ කරගෙන ඇති අතර එක් අවස්ථාවක හදිසියේම මෙම රේඩියෝ සංඥා ඇණහිට ඇත. රේඩියෝ උපකරණ වල දෝශයක් යැයි සිතා නැවත ගුවන්යානා පැමිණෙන තෙක් සිටියද එම ගුවන් යානා නැවත පාලන මධ්‍යස්ථානය කරා පැමිනියේ නැත. පසුව බර්මියුඩා ත්‍රිකෝණය අවට  ඇති සියලුම රේඩාර් උපකරන ක්‍රියාත්මක කර මෙම ගුවන්යානා පිලිබද සෙවීම් කටයුතු සිදුකලද කිසිදු ගුවන්යානයක් අනාවරණය කර ගැනීමට මෙවාට නොහැකි විය. පසුව මෙම අතුරැදහන්වූ ගුවන් යානා පිළිබදව සෙවීමට නියමු චාල්ස් මේලර් එෆ් ටී 87 වර්ගයේ ගුවන් යානාවකින් බර්මියුඩා ත්‍රිකෝණය අසලට යැවිනි. නමුත් සිදුවුයේ කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයකි. අතුරැදහන් වූ ගුවන්යානා පිලිබද සෙවීමට යැවූ යානය වාර්ථා කලේ විශ්වාස කල නොහැකි තොරතුරකි. එනම්

මාගේ ගුවන් යානයට දකුණු පසින් ඉහල අහසේ අස්වාභාවික හැඩයකින් යුත් විශාල වස්තුවක් දිස්වේ. දැන් ගුවන් යානය මගේ පාලනයෙන් තොරයි. මගේ යානය එම වස්තුව වෙත.........
ටී.එම්.බී බොම්බ හෙලන ප්‍රහාරක යානා

දැන් කස්ටිය අහන්න එපා මේක කිව්වේ සිංහලෙන්ද කියල, සිංහල පරිවර්ථනය  තමයි මේ දාල තියෙන්නෙ. මෙම පණිවිඩයෙන් පසුව බර්මියුඩා ත්‍රිකෝණය අසල විශාල පරීක්ෂණයක් දියත් කරනු ලැබුවා . නමුත් යානාවල ගමන් කල නියමුවන් 15 දෙනා හෝ යානා 6 පිලිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිවුනා. අඩුම තරමේ ගුවන්යානා වල කැබැල්ලක් හෝ තෙල් බිදුවක්වත් ඒ අසල මුහුදෙන් සොයා ගන්න බැරි උනා කියල කියනව. මීට අමතරව US Cyclops නම් ටොන් 19000 බරති මගී ප්‍රවාහන නෞකාවක්ද අතුරැදහන් වෙලා තියෙනව. ඒ වගේම The Marine Sulphur Queen නැමැති අඩි 400 දිග භාණ්ඩ ප්‍රවාහන නෞකාවද අතුරැදහන් වෙලා තියෙනව. කෙසේ වෙතත් මෙම අතුරැදහන් වීම් පිළිබදව කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමින් මේවා අතුරැදහන් වීම විශේෂ ලකෂණයක්. ඔන්න ඔය විදියට කාලේ ගෙවිල යද්දි 1982 අගෝස්තු මාසයේ 13 වන දින මේ හරහා ගමන් කල බෝට්ටුවක සිටි පුද්ගලයින් 6 දෙනෙකු හා බල්ලෙකු අතරැදහන් වෙලා තියෙනව. මීට අමතර එහි සිටි ගිරවා මියගොස් සිටියදී පරීක්ෂකයින් විසින් සොයා‍ගෙන තියෙනව. පසුව මෙම ගිරවා පරීක්ෂා කිරීමේදී ගිරවා මිය යාමට හේතුව අධික ලෙස ඇති වූ කම්පනයකට නිරාවරණය වීම කියල තමයි ප්‍රකාශයට පත් කරල තියෙන්නේ.  පසුව ඇමරිකානු හමුදා රේඩාර් යන්ත්‍ර මගින් මෙම බෝට්ටුව සොයාගැනීමට හැකි වුවද නාවිකයන් හා බල්ලා පිලිබද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනව. මේ විදියට ගුවන්යානා හා නෞකා විශාල ප්‍රමාණයක් බර්මියුඩා ත්‍රිකෝණය අවටදී අතුරැදහන් වෙලා තියෙනව මෙම අතුරැදහන් වීම් වල බොහෝ ගැටලු සහිත ස්ථාන තියෙනව. කොහොම උනත් මේ හැම අතුරැදහන් වීමක් සම්බන්ධයෙන්ම එක් සාමාන්‍ය කරැනක් දකින්න පුලුවන් ඒ තමයි නැවක් හෝ ගුවන් යානයක් අතුරැදහන් වන තුරැම ගොඩබිම් මධ්‍යස්ථානය සමග සමාන්‍ය පරැදි තොරතුරැ හුවමාරැ කරගෙන තියෙනව. ඒ වගේම තවත් විශේෂ කාරණයක් වෙන්නේ 40% පමණ නියමුවන් තම යානය අසල පැවතින යම් වස්තුවක් පිලිබදව ද 30% පමණ තම යානය පාලනයෙන් මිදී ඇති බවද අහස කහ පැහැ ගැන්වී ඇති බවද සදහන් කරල තිබීමයි. පිටසක්වල ජීවීන් පිළබද පරීක්ෂන පවත්වන උදවිය කියන විදියටනම් මෙම අතුරැදහන් වීම් වලට පිටසක්වලයින් සම්බන්ධයිලු. සමහර විය පිටසක්වල ජීවීන්ගේ පරීක්ෂණ කටයුතු සදහා මිනිසුන්ව පැහැර ගෙන යනව වෙන්න පුලුවන් ඒ ගැනත් මම ඉදිරියට කථා කරන්න බලාපොරොත්තු වෙනව.කස්ටියට මතකනෙ X-Files Tv series ( බලල නැත්නම් මෙතනින් යන්න) එක. ඉස්සර කොටස් සේරම වගේ ටීවී එකේ විකාශය උනා එකෙත් මේ බර්මියුඩා ත්‍රිකෝණය හා සම්බන්ධ පිටසක්වල පැහැරගැනීම් ගැන කියවෙනව. කොහොම උනත් නියමුවන්ගේ පූකාශ අනුව මෙම බර්මියුඩා ත්‍රිකෝණය අවට අසාමාන්‍ය පියාඔන වස්තුන් ඇති බව අපිට පිළිගන්න පුලුවන්. හරි එහෙනම් තවත් පොස්ට් එකක් අරගෙන ආයෙමත් එන්නම්....

the marine sulphur queen


http://ufos.about.com/od/classicufocases/a/bermudatriangle.htm
http://en.wikipedia.org/wiki/Bermuda_Triangle

දියකිදුරියෝ........

ඔන්න ඉතින් කොල්ල අද ට්‍රැක් එක පයින්නයි යන්නේ. බය වෙන්න දෙයක් නෑ ඊලග පෝස්ට් එකේ ඉදන් ආයෙ ට්‍රැක් එකට වැටෙනව. මගෙ යාලුවෙකුගේ ( අපි එයාට ටිමි කියමුකො. දන්නෝ දනිති) විශේෂ ඉල්ලීමක් නිසා තමයි මේ පෝස්ට් එක ලියන්නේ. 

දියකිදුරියෝ........



රායිට් අද කථා කරන්න යන්නේ දියකිදුරියෝ ගැන. ගූගල් එකේ පීනල මෙයාල ගැන විස්තර ටිකක් හොයා ගත්ත. ඒක තමයි කියන්න යනනේ. මෙයාල ජලයෙ තමයි ජීවත් වෙන්නේ. Mermaid කියල තමයි මෙයාලට ඉංගිරීසියෙන් කියන්නේ. මත්සයෙකුගේ හා මිනිසෙකුගේ ශරීර එක් වීමෙනුයි මොවුන් හැදිල තියෙන්නේ . ඒ කියන්නේ ඉනෙන් උඩ මිනිස් ශරීරයක් හා පහල කොටස මත්ස්‍යය ශරීරයක් විදියටයි හැදිල තියෙන්නේ.විකියෙ තිබුනු විදියට ප්‍රංශ භාෂාවෙන් තමයි මේ නම හැදිල කියන්නේ. ඒ කියන්නෙ  Mer මුහුද යන්නද, Maid තරැණ කාන්තාව යන්නද වශයෙන් තමයි අර්ථ දැක්වෙන්නේ. කස්ටිය Pirates Of The Caribbean 4 චිත්තරපටිය බලල ඇතිනෙ අන්න ඒකෙ ඉන්නව ලස්සන දියකිදුරි අක්කියෙක්. හරි කථාවට බහිමු ලෝකයේ මේගොල්ලො ගැන ගොඩක් මිත්‍යා මත හා මිත්‍යා විශ්වාස තියෙනව ඒ කියන්නේ සමහර රට වල මේ ගොල්ලන්ව දේවත්වයෙන් සලකනව. කියන විදියටනම් මෙයාලට ඉතාම ලස්සන ඒ වගේම ආක්ශනීය රෑපයක් තියෙනවලු (දැකපු කෙනෙක්නම් නෑ හැබැයි) තව නැවියන්ව වශී කරගන්න හැකියාවකුත් තියෙනවලු . මිහිරි සංගීතයක් යොදාගනිමින්ලු වශී කරගන්නෙ ( බලාගෙන ගියාම ‍මෙයාලට මායම් 120 විතර තියෙනව වගේ ) ඒ වගේම මුහුදේ අතරමන් උනු නැවියන්ට නිවැරදි මග පෙන්වීමට ඉදිරිපත් වෙනව කියල මතයකුත් තියෙනවෙ. නැවියන්ට මෙයාලගේ මිහිරි ගී ඇහිල තියෙනව කියල කට කතාත් තියෙනව. මෙයාලගෙ කදුලු ඒ කියන්නේ අර අඩද්දි ඇස් වලින් එන එව්ව, අන්න ඒවගෙන් ලෙඩ සුව කරන්න පුලුවන් හැකියාවක් තියෙනවලු ඒ වගේම ඒව යොදාගෙන අමරණිය වෙන්නත් පුලුවන්ලු කොරන්නෙ කොහොමද කියලනම් මම දන්නේ නෑ..තව දියකිදුරියන්ගේ කදුලු මුදු ඇට බවට පත්වන බව චීන ජාතිකයින් විස්වාස කරනව. කොහොම උනත් මේ හැමදේම මිත්‍යා මත කියල තමයි නවීන ලෝකය පිළිගන්නේ. 







මම කලින් කිව්වනෙ මෙයාලව දේවත්වයෙන් පිළිගන්නව කියල . ග්‍රීක දේවතවියාක් වන Siren තමන්ගේ දූපත අසලින් යන නැවියන් වශීකර තම දූපත අසලට ගෙන්නවා නැව මුදුබත් කරන බවට විශ්වාසයක් ඇත (මට මතක විදියට මම බලල තියෙන ගොඩක් ෆිල්ම් වල මේ දේවතාවිය ගැන කථා වෙනව) . Rusalka යනු රැසියානු මිත්‍යා කථාවක සිටින කාන්තා ආත්මයකි. ජනප්‍රවාදයට අනුව ඇය තමන්ගේ විවාහයට පෙර ඝාතනය කරන ලදී.පසුව ලත් ශාපයෙන් ඇය විලක දියකිදුරියක් ලෙස ජීවත් වෙලා තියෙනවා.එම විල අසලින් යන මිනිසුන් හට මිහිරි ගීත ගායනා කර එම මිනිසුන් තමන් වෙතට ගෙන්වා ගෙන විල පත්ලට ගෙන අතර ඇයව  මෙම ශාපයෙන් මුදවා ගත හැක්කේ ඇය ඝාතනය කල පුද්ගලයා විසින් එම වරද පිලිගත හොත් පමණි යන්න රුසියානු ජනප්‍රවාදයේ සදහන් වෙනව. Triton කියන්නෙ ග්‍රීක දෙවියෙක් . මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මුහුදට අධිපති වන Poseidon ගේ පුත්‍රයා මෙයා කියල තමයි පිළිගනු ලබන්නෙ. මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු  හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා විශ්වාසයන්ට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්රන් මාලිගාවේ වාසය කරයි. තවද ඉන්දියාවේ මිත්‍යා කථාවක අප්සරා නැමැති ජලයේ සිටින දෙවගනක් පිලිබදව සදහනක් ඇත.


දැන්තමා ලොකුම ප්‍රශ්නෙ.. මම දියකිදුරියන්ව ගුගල් කරාම ලෝකෙ විවිධ ස්ථානවලින් සොයාගැනීමට ලැබුනු කිදුරැ කිදුරියන්ගේ පොටෝ වගයක් හම්බුනා. ඒත් ඉතින් මේ ගොල්ලො මම කියපු විස්තරේට කිසිම විධියකින් ගැලපෙන අය නෙමේ. ඔයාලම බලන්නකො.
















කස්ටියගෙ මූනු වලට උනු දේවල් මට මැවිල පේනව.. මොනව කරන්නද ඉතින් මෙයාල ගැන මම ගූගල් සර්ච් කරා ලස්සන ලස්සන පිංතූරනම් ගොඩක් ආව . ඒත් ඉතින් ඇත්තක් කියල ටිකක් හරි පිළිගන්න පුලුවන් මේ පොටෝ ටික විතරයි. අනිත් ඒව ග්‍රැෆික්ස් වලින් හදපුව නැත්නම් මිනිස් අක්කිල ඉන්න ඒව. මේ පිංතූරත් බොරැ වෙන්න පුලුවන් ඒත් යම්තාක් දුරට ඇත්තක් කියල පිලිගන්නත් පුලුවන්.  සමහර විට මෙයාල ඇත්තටම ජීවත් වෙනව ඇති හැබැයි මෙයාලව හොයන එකනම් කලුනික හොයනව වගේ වැඩක්. (සමහර විට පිටසක්වලට පොඩි සම්බන්ධයක් තියෙනවද දන්නෙත් නෑ. අන්තිමේදි කොහොම හරි කථාව ට්‍රැක් එකට දාගන්න පුලුවන් උනා... )

එහෙනම් ඉතින් මම යනව අලුත් දෙයක් අරගෙන ආයෙත් එන්නම්,,,,


http://en.wikipedia.org/wiki/Mermaid

පිටසක්වලයින් නිපදවූ හයිඩ්‍රිජන් ‍බොම්බය

පිටසක්වලයින් නිපදවූ හයිඩ්‍රිජන් ‍බොම්බය

අදත් ඉතින් රස කථාවක් ලියන්න යන්නෙ. කස්ටියට මතකයිනෙ මම කලින් ලියපු ලිපිය ( තුන්ගුස්කා පිපිරැමl)  ඒකෙදි මම කථා කරා‍‍‍නේ න්‍යෂටික ‍බෝම්බයක් ගැන. ඉතින් අද කථා කරන්න යන්නෙත් ඒ ව‍‍ගේ සිද්ධියක් ගැනයි. 

එ‍හෙමනම් පටන් ගමු. මීට වසර දහස් ගණනකට ‍පෙර ‍ගෝබි කාන්තාර‍යේ සිදූවූ න්‍යෂ්ටික පිපිරීමක් පිළිබදව ‍තොරතුරැ ‍මේ වන විට ‍සොයාගනිමින් පවතිනව. ඒ කියන්‍‍නේ ‍මේ කාන්තාර‍යේ පරීක්ෂණ කටයුතු කිරී‍මේදී ‍සොයාගනු ලැබූ පිළිස්සුනු පස් වල න්‍යෂ්ටික පිපිරීමක සාධක තිබී ති‍යෙනව.  දැන් ‍මෙතන ති‍යෙන පුරස්නෙ තමයි අවුරැදු දහස් ගණනක් පැරණි අතීතයක සිටි මිනිසුන් ‍මෙවැනි පිපුරැමක් සිදු ක‍ලේ ‍කෙ‍‍‍‍සේද යන්න. එම කාල පරාසය තුලදී මිනිසා සතු වූ‍යේ එදි‍නෙදා අවශ්‍යතාවයන්ට සරිලන අහාර පාන ‍සොයාගැනී‍ම සදහා අවශ්‍ය දැනුම පමණයි. ඒ ව‍ගේම එම කාල‍යේ ‍මොවුන්‍‍ගේ ආයුධ වූ‍යේ ගල් පතුරැ හා සත්ව ඇටකටුයි. ඉතින් ගල් ආයුධ භාවිතා කල මිනිසා ‍කෙ‍සේනම් ‍මෙවැනි න්‍යෂ්ටික පිපිරීමක් සිදු කරන්නට ඇත්ද? අපට පිළිගැනීමට සිදුවන්‍ නේ මෙම පිපිරැමට ඔවුන්‍‍‍‍ගේ සම්බන්ධයක් ‍නොමැති බවයි. එ‍සේනම් වසර දහස් ගණනක් පසු පසට දි‍වෙන අතීත‍යේ ‍මෙවැනි පිපිරීමක් සිදු කිරීමට කවුරැන් සම්බන්ධ ඇතිද???



මම හිතන්‍‍‍‍‍නෙ මළ මුහු‍දේ ලියවිල්ල ගැන කස්ටිය අහල ඇති. ‍මෙහි ‍ගොම්රා හා ‍සෝඩම් යන නගර ‍දෙකක විනාශයක් පිළිබදව සදහනක් කර ති‍බේ. එහි සදහන් අන්දමට දුම හා දූවිල්ල කුලුනක් ‍සේ ඉහළට නැගුනි. සල්ෆර් හා ‍ගින්දර ‍සොඩම් හා ‍ගොම්රා නගර ‍වෙත වැටුනි. එහි සිටි ජීවීන් හා ගස්‍ ‍‍කොළ විනාශයට පත්විය. අනාගත පිපිරැමක් සිදු වන බව එහි ජනයාට දැනුම් දී තිබුනි. එ‍මෙන්ම එම පිපුරැම ‍දෙස කිසිම අන්දමකින් ‍නොබලන ‍ලෙසද දැනුම් දී තිබුනි. ඒ සමගම එම ප්‍රදේශ‍යෙන් ඉවත් වන ‍ලෙසත් දැනුම් දී තිබුනි. එ‍හෙත් එම දැනුම් දීම පිලි‍නොගත් අය ඉතා ඈත සිට මුවා වී පිපිරීම ‍දෙස බැලීය. එමගින් ඔවුන‍‍ගේ ඇස් අන්ධ විය.




නගර ‍දෙ‍කේ විනාශය ගැන ‍‍මෙවන් සදහනක් තමයි මළ මුහු‍දේ ලියවි‍ල්‍‍ලේ තිබිල ති‍යෙන්‍‍නෙ. ‍මෙහි කිය‍වෙන ලක්ෂණ වලට අනුව ‍මේ සිදු‍වෙලා ති‍යෙන පිපිරැම හයිඩ්‍රිජන් ‍බෝම්බයක පිරැමක් කියල පිළිගන්න පුලුවන්. දැනට එම නගර පිහිටි ස්ථාන‍යේ දැඩි පිළිස්සුම් සහිත පස් දැකගන්න පුලුවන් නමුත් ඒ අවට කි‍ලෝමීටර ගණනාවක් දක්වා එම ස්ථාන‍යේ නගරයක් තිබූ බවට කිසිම සාක්ෂියක් දක්නට ‍‍‍‍ලැ‍බෙන්‍ ‍නේ නෑ .ගලින් තැනූ විශාල ‍වේදීකාවක් පමණක් දැනට ඉතිරි වී ති‍යෙනව .  සාමාන්‍යයෙන් හයිඩ්‍රිජන් ‍‍බෝම්බයක් ‍‍හෙලීමට ඉතා ‍‍‍හොදින් පියාසර කල හැකි යානයක් අවශ්‍යයි එ‍සේම ඉතා දියුනු තාක්ෂණයක් අවශ්‍යයි. ඒ කියන්‍‍නේ ‍බෝම්බය අත හැරී‍මෙන් පසු සිදුවන හානි‍යේ විශාලත්වය හා එහි පරාසය නිවැරදිව ගණන් බැලිමට හැකිවන තාක්ෂණික දැනුමක් තිබිය යුතුයි. රයිට් ස‍හොදරයින් විසින් ගුවන් යානය නිර්මාණය කිරීමට වසර ගණනාවකට ‍පෙර අහ‍සේ පියාසර කල හැකි හා නිවැරදි ඉලක්කයටකට ‍බෝම්බ ‍හෙලිය හැකි යානා කවුරැන් නිර්මාණය ක‍ලේදැයි අදටත් ප්‍රශ්ණයකි නමුත් ‍‍කෙසේ ‍හෝ එය සිදුවී ඇත. තවද ‍සොඩම් හා ‍ගොම්රා නගර තිබූ ‍දෙපස ආශ්‍රිතව ඇති විශාල ‍වේදිකාව අඩි 60 පමණ දිගය ‍මෙය කුමක්දැයි අදටත් කිසි‍වෙකුටත් විස්තර කළ ‍නොහැක. විද්‍යාඥයින්ගේ අනුමාණය වන්‍‍නේ ‍මෙය පිටසක්වල යානා නැවැත්වීම සදහා ‍යොදා‍ගෙන ඇති බවයි. 



දැන් තවත් ගැටලුවක් පැන නගී එනම් ‍සොඩම් හා ‍ගොම්රා යන නගර වලට සිදුවූ‍යේ කුමක්ද යන්නයි.  එම නගර අසල ඇති ගලින් නිමවූ ‍වේදීකාව පිටසක්වලයින්ගේ යානා නැවතුම් පලක් වු‍යේනම් පිටසක්වලයින් සමග ‍මෙම නගර වැසියන් සබදකම් පැවැත්වූ බව අපට සිතිය හැකිය. එ‍සේම ‍මෙම පිපිරීම පිළිබදව නගර වැසියන් දැන සිටි බවද මළ මුහු‍දේ ලියවිල්ල මගින් සනාථ ‍වේ. එ‍මෙන්ම ‍මෙම පිපිරැම ‍දෙස ‍නොබලන ‍ලෙසත් උප‍දෙස් දී ඇති බව පැහැදිලිය. පිපිරී‍‍මෙන් ඇති විය හැකි ප්‍රථිවිපාක ඔවුන් දැනසිටි බවට එය අනර්ඝ සාක්ෂියකි. පිපිරීම ‍දෙසට ‍නෙත් ‍යොමුකිරීම අහිතකර බව ‍මොවුන් දැනසිටියහ එ‍සේනම් අපට නිගමනය කිරීමට හැකි වන්‍‍නේ ‍මෙම පිපිරැම හා සමග බුද්ධිමත් ජීවීන් පිරිසක් සම්බන්ධ බවය. ‍මොවුන් ‍න්‍යෂ්ටික අත්හදා බැලීමක් සදහා පෘථිවිය ‍යොදා ගත්තා විය හැකිය. නැතිනම් ඔවුන්ගේ තාක්ෂණ‍යෙන් ඉදිකල ‍සොඩම් හා ‍ගොම්රා නගර අනාගත‍යේ තමන්ට බලපෑමක් ‍වේයැයි සීතූ නිසා ඒවා විනාශ කලා විය හැකිය.  ‍‍ඔවුන් පරීක්ෂණ කටයුතු සදහා ‍මෙම පිපිරීම සිදුක‍ලේනම් ඔවුන්ට එය ‍වෙනත් ස්ථානයක සිදු කිරීමට අවස්ථාව තිබුනි. නැතිනම් ජීව‍යෙන් ‍තොර ග්‍රහ‍ලෝකයක පිපිරීම සිදු කිරීමට අවසථාව තිබුනි. නමුත් ඔවුන් ‍සොඩාන් හා ‍ගොම්රා නගර වැසියන්ට නගරයෙන් පිටත් වන ‍ලෙස දැනුම් දී ‍මෙම පිපිරීම සිදු කර ඇත. එමනිසා ‍බො‍හෝවිට සිදුවීමට ඉඩ ඇත්තේ නගර ‍දෙක විනාශ කිරී‍මේ අරමුණින් ‍මෙම පිපිරීම සිදු කිරීමයි. ‍දැන් තවත් ගැටලුවක් මතු ‍වේ එනම් නගර වැසියන්ගේ ජීවිත ආරත්ෂා කර නගරය පමණක් විනාශ ක‍රේ ඇයිද යන්නයි. එයටද පැහැදිලි කිරීමක් දිය හැකිය. නගර වැසියන් සමග ‍මොවුන් සමීප සබදතා පැවැත්වූ බව අපට පිලිගත හැක ( පිටසක්වල යානා නැවතිය හැකි ‍‍වේදිකාව නිසා) එත් සමගම ‍මොවුන්ගේ තාක්ෂණය නගර වැසියන් අතරද ‍‍බෙදී යන්නට ඇත. කාලයත් සමග පෘථිවි වැසියන් ‍මෙම තාක්ෂණය පිලිබද දැනුමක් ලබාගන්නට ඇත. එත් සමගම පිටසක්වලයින්ගේ තාක්ෂණ‍යෙන් නගර ‍දෙක සන්නද්ධ වන්නට ඇත . එ‍සේම ‍මෙම තාක්ෂණය පිටසක්වලයින්ගේ ‍‍ලෝකයට වඩා පෘථිවියට ගැල‍‍පෙන්නද ඇත. ‍මෙම තාක්ෂණය පෘථීවි වාසීන් අතට පත්වුව‍හොත් ඔවුන්ට තර්ජනයක් එල්ල විය හැකියැයි යන බිය නිසා ‍මොවුන් ‍මෙම නගර විනාශ කර දැමුවා විය හැකිය. පෘථිවිය තුලදී ‍මෙවැනි තාක්ෂණයක් නැවත මුල සිට ප්‍රතිනිර්මාණය කිරී‍මේ හැකියාවක් පෘථිවිවාසීන් සතුව ‍නොමැති නිසා පිටසක්වලයින් පෘථීවිවාසීන්ගේ ජීවිත රැක ගැනීමට උප‍දෙස් ලබා ‍දෙන්නට ඇත. ‍එ‍හෙනම් අදට ඇති තවත් කථාවක් අර‍ගෙන ආ‍යෙ එන්නම්.....

http://www.realmagick.com/sodom-and-gomorrah

Wednesday, June 20, 2012

තුන්ගුස්කා පිපිරැම

තුන්ගුස්කා පිපිරැම




අද අපි කථා කරමු පිටසක්වල ජීවීන් ගේ පැමිණීම පිළිබදව පෘථිවියේ ඉතිරි වී ඇතැයි පිළිගන්නා සාධකයක් වන තුන්ගුස්කා අභිරහස ගැන.

                             Trees knocked over by the Tunguska blast. Photograph from the Soviet Academy of Science 1927


තුන්ගුස්කා කියන්නෙ ගගක් ඒක පිහිටල තියෙන්නේ සයිබීරියාවේ. වර්ශ 1908 දී ඒ කියන්නේ මීට වසර 104 පෙර එම ප්‍රෙදේශයට කඩාවැටුනු විශේෂ වස්තුවක් නිසා එම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත් වුනා හදිසියේ කඩාවැටුනු මෙම වස්තුව නිසා වනාන්තරයේ තිබූ ගස් කොළන් ආදී සියල්ල විනාශයට පත්වූ අතර මෙම සිද්ධියෙන් පසු විවිධ රටවල විද්‍යාඥයින් මෙහි පැමිණ විවිධ පරීක්ෂණ මගින් මෙම සිද්ධියට විවිධ අර්ථ දැක්වීම් දෙනු ලැබුව. නමුත් ඔවුන් අතර මෙම සිදුවීම පිළිබදව විවිධ තර්ක විතර්ක තිබුනද ,පැහැදිලි මතයක් නොතිබුන නිසා බොහෝමයක් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමත් සමගම බැහැර විය.විද්‍යාඥයින්ගේ නිගමනය වූයේ මෙය උල්කාපාතයක් බවයි. සිදුවූ විනාශයෙන් පසු කඩා වැටුනු ගස් නැවත රෝපණය වීම ඇරඔුනි නමුත් සිදුවූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අන්දමේ සිදුවීමකි එනම් නැවත රෝපණය වූ ශාක විශ්මය ජනක ආකාරයෙන් වෙනස් වී තිබීමය. මෙම ශාක ලෝකයේ වෙනත් තැන් වල ඇති ශාක වලට වඩා වෙනස් ගති ලක්ෂන වලින් යුත් ශාක බවට පත්වී තිබුනි. ශාක පමණක් නොව කෘමී සතුන් පවා විවිධ විපර්යාසයන් වලට ලක් වී ඇති බව පැහැදිලිව දක්නට ලැබුනි. සාමාන්‍ය ලාව් ගසකට ඇත්තේ පෙති දෙකක පත්‍රයකි , නමුත් මෙම වනාන්තරය තුල ඇති ලාව් ගසක පත්‍රයට පෙති තුනක් ඇත. එමෙන්ම මෙහි ශාක වල පත්‍රවල ගණකම ,හැඩය ,රසායනික ලක්ෂන ආදී සෑම දෙයකම අසාමාන්‍ය ලක්ෂණ දැකිය හැකිය. තවද සතුන්ගේ වර්ණය,බර,ශරීර හැඩය,ජීවන රටා ආදීන්ගේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය. විද්‍යාඥයින් පැවසුවේ සාමාන්‍ය ශාක හා ජීවීන්ට වඩා මෙම වනාන්තරය තුල හටගෙන ඇති ශාක වල හා සතුන්ගේ අසාමාන්‍ය ලක්ෂණ ඇති බවයි. විද්‍යාඥයින් පවසන පරිදි පිපුරැම සිදුවූ ස්ථානය අවට ඉතා ප්‍රභල  විකිරණශීලීතාවයක් ඇත. එමෙන්ම මාලිමාවක් බර්මියුඩා ත්‍රිකෝණය(ඉදිරියේදී සාකච්චා කිරීමට බලාපෙරොත්තුවක් ඇත) අසලදී සිදුවන වෙනස මෙහිදීද දැකගත හැකිය. එනම් මෙහි අධික චුම්භකත්වයක් දැකිය හැකිය. 


                                               The Southern swamp—the hypocenter of the Tunguska explosion, in 2008

එතැන් පටන් අද දක්වා මෙම ප්‍රදේශයේ විවිධ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී . කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබද යම්තාක් දුරට සත්‍ය අර්ථ කථනයක් දිය හැකි සාක්ෂියක් සිද්ධියෙන් වසර 60  පසු සොයාගැනීමට පරීක්ෂකයන් සමත් විය. එනම් ලෝහ කැබැල්ලකි. එක් පරීක්ෂකයෙකු අතින් ලෝහ කැබැල්ල ගලක වැදුණි සිදුවූයේ පුදුමයකි !!! එයින් ගිනි පිටවිය... පසුව එය මොස්කව් හී පිහිටි විශේෂ පරීක්ෂණාගාරයක් වෙත යැවුනි. රිදී පැහැති මෙම ලෝහ කැබැල්ලේ ලැන්තානම් 10%, සිරියම් 67%, නියොබියම් 8% , ඔක්සයිඩ් වලින් තොර පිරිසිදු යකඩ 0.4% විය. විද්‍යාඥයින්ගේ මතය වූයේ මෙය පෘථිවි නිෂ්පාදනයක් නොවන බවයි. ඔවුන්  පවසන පරිදි මෙවන් නිෂ්පාදනයක් පෘථිවියේ ඇති නවීනතම තාක්ෂණය යොදාගනිමින් වුවද සිදු කිරීමට අපහසු බවයි. වෙඩි උණ්ඩයකින් එය පසාරැ කිරීමට නොහැක.ඉතා ප්‍රභල ලේසර් කිරණයක් වුවද පෘෂ්ඨයට පමිණි කෝණයට සමාන කෝණයකින් පරාවර්ථනය කිරීමට සමත්ය. මෙම සොයාගැනීමෙන් පසුව බොහෝ පිරිස් මෙය පිටසක්වල නිපදවූවක් බව පිළිගැනිමට පෙලබුනි. ඒත් සමගම මෙම සිද්ධියට උල්කාපාතයක් සම්බන්ධ නැති බවද සියල්ලන්ට පැහැදිලි විය. පරිසරයේ සිදුවී ඇති අසාමාන්‍ය වෙනස් වීම් , අධික චුම්භකත්වය හා අධික විකිරණශීළීත්වය නිසා මෙය පිටසක්වල යානාවක කඩාවැටීමක් වීමට හැකි බව විද්‍යාඥයින්ගේ මතය විය. වසර නවයක් ගත වන තුරැ මෙම සොයාගැනීම කිසිදු මාධ්‍යක පල නොවීය. පසුව 1985 සෝවියට් විද්‍යාඥ සර්ගෙයි බොෂිව් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තවත් ලෝකයක යානයක් පෘථිවියට ආසන්න කක්ෂයේදී පුපුරා විනාශ වී ගිය බවයි. හරි දැන් කස්ටියට තේරෙනවනෙ පිටසක්වල ජීවීන් කියල කොටසක් ඉන්නව කියල අපට විශ්වාස කරන්න පුලුවන් බව. ඊලගට එන පුරස්නෙ තමයි මේ පිටසක්වල යානය ඒ කියන්නේ UFO (unidentified flying object,) අපේ පෘථිවියට ආවෙ ඇයි කියන එක. ඇයි හත්වලාමේ වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද.. සමහර විට මේක විශේෂ පරීක්ෂනයක් කරන්න එන්න ඇති එහෙමත් නැත්නම් පෘථිවියේ යම් ප්‍රදේශයක් නිරීක්ෂණය කරන්න එන්න ඇති ( ඒ කියන්නේ අපි ස්කෑන් කොරනව කියන්නෙ අන්න ඒ වගේ දෙයක්) නමුත් ඒ දේ සාර්ථකව නිමා කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබුනෙ නෑ . සමහර විට පෘථිවියේ වායුගෝලයට සරිලන ආකාරයෙන් යානය හසුරවගන්න ආගන්තුකයන්ට හැකි නොවෙන්න ඇති. නැතිනම් ඔවුන් පෘථිවියට පැමිණියේ මෙම පිපුරැම සිදු කර එයින් පරීක්ෂණ සිදුකිරීමට විය හැක. එනම් ඔවුන්ගේ තාක්ෂණයට අනුව නිපදවූ බෝම්බයක් අත්හදා බැලීමට විය හැකිය.  කෙසේ වෙතත් මෙම පිපිරීමත් සමග විශාල ප්‍රදේශයක් විනාශ විය. මෙය පිටසක්වලයින්ගේ අතපසු වීමක්ද, නැතිනම් ඔවුන් විසින් සිදු කරන ලද පරීක්ෂණයක්ද කියා අදටත් ප්‍රෙහේලිකාවක් පමණි.





http://webcache.googleusercontent.com/search?q=cache:http://en.wikipedia.org/wiki/Tunguska_event
http://webcache.googleusercontent.com/search?q=cache:http://science.nasa.gov/science-news/science-at-nasa/2008/30jun_tunguska/

Tuesday, June 19, 2012

පිටසක්වල ජීවීන් සත්‍යයක්ද ?


ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් බොලොග් එකකට අත ගහන්නයි යන්නේ.... පොඩි කාලෙ ඉදල මට තිබුන ලොකු උනක් තමයි මේ පිටසක්වල ජීවීන් ගැන කතාව. ඉතින් ටිකෙන් ටික ලොකු වෙද්දි එයාල ගැන එක එක කථා අහන්න ලැබුන . එක එක චිත්තරපටිත් බැලුව... ඔහොම කාලෙ ගෙවෙද්දි මගේ යාලුවන්ටත් ඔය උන හැදිල තිබුන .. ඉතින් එහෙම පොරක් සෙට් උනොත් බඩුම තමා අනේ අපොයි මගෙන් අහන දේවල්... මම හිතන විදියට හොඩක් කස්ටියට මේ පිටසක්වල අමුත්තො ගැන දැනගන්න ලොකු ආසාවක් තියෙනව... ඉතින් මේ වෙනකන් මම අහපු දැකපු දේවලුයි කියවපු දේවල් වලිනුයි මට හිතුන දේවල් මම ඔයාල එක්ක බෙදාගන්නයි හදන්නෙ.... හරි එහෙනම් වැඩේ පටන් ගමු...

 

පිටසක්වල ජීවීන් සත්‍යයක් ද?

 

 සාමාන්‍යෙයන් අපි ජීවය කියන්නෙ තම වර්ගයා බිහිකිරීමේ හැකියාව හා එම වෙනස්කම් ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ හැකියාවයි. ( මම නම් නෙමේ කියන්නේ විද්‍යාඥ කාල් සේගාස් මහත්තය තමයි එහෙම කියන්නේ) අපි ඉස්කෝලෙ යන කාලේ අපේ පරිසරය කරන මිස් මට කියල දුන්නේ ශාකයක් හරි සතෙක් හරි පණ තියෙන විදියට පෙනීම ජීවය කියලයි ඒක තමයි සරළම අර්ථ දැක්වීම. මේ ජීවය කියන දේ ඇති වෙන්නත් සාධක ගොඩක් තියෙන්න ඕන ඒ කියන්නේ පෝටීන,න්‍යෂ්ටික අම්ල හා අනුවර්ග වලින් හැදිල තියෙන ජීවය පවතින්න සුදුසු වි‍ශේෂ පරිසර තත්ව තියෙන්න ඕන. අපේ විශ්වයේ අපේ ක්ෂීරපථයේ හෝ වෙනත් මන්දාකිනියක අපේ පෘථිවියට සමාන කරන්න පුලුවන් ග්‍රහලෝකයක් තියෙනවනම් ඒ ග්‍රහවස්තුවේ ජීවයක් හට ගෙන තිබිය යුතුයි. ඉතින් අපි හැමෝම දන්නවනේ ජීවයේ මූලික පදනම C කියල ඒ කියන්නේ පෘථිවයේ ජීවත් වෙන මනුස්සයාගෙ ඉදල බුද්ධිය අතින් දුර්වල‍යි කියන සත්වය වෙනකම් ඉන්න හැම ජීවියෙක්ගේම මූලික පදනම කාබන් කියන මූලද්‍රව්‍ය සහ ජලයයි. ඉතින් අපේ සෙෘරග්‍රහ මණ්ඩලයේ සමහර ග්‍රහලෝකවල ජලය දකින්න පුලුවන් හැබැයි අපේ වගේ ද්‍රව තත්වයෙන්නම් නෑ ... අයිස් නැත්නම් හුමාලය විදියට තමයි තියෙන්නේ. හැබැයි ඉතාම සුලු ප්‍රමාණයන්ගෙන් ද්‍රව ජලය තියෙනව. ඉතින් ඒ වගේ සුලු ජල ප්‍රමාණයක ජීවීන්ට පැවතෙන්න බැරි උනත් ජීවයේ ආරම්භයට ඒක හොද සාධකයක්. විද්‍යාඥයින් කියන විදියට කාබන් පමණක්ම පදනම් නොවී වෙනත් මූලද්‍රව්‍යක් පදනම් කරගෙන ජීවයක් පැවතීමට ඒ ඒ ග්‍රහලෝක වල පරිසර සාධක හිතකර වෙන්න පුලුවන්. මේ විධියට බලද්දි වෙනත් ග්‍රහලෝකෙක ජීවීන් ඉන්න ඉඩ තියෙනව කියල ගොඩක් කස්ටිය විස්වාස කරනව.විද්‍යාඥයින් උපකල්පනය කරන විධියට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින්න තියෙන හැකියාව මෙහෙමයි......

බුධ -

වායු ගෝලයක් හෝ ජලය නොමැත. ඊයම් උණු වන මට්ටමේ ඉතා දැඩි උෂ්ණත්වයක් පවතී.  
එමනිසා බුධ ග්‍රහයා ජීවීන්ට හිතකර නොවේ. 

සිකරැ - 

සල්ෆියුරික් අම්ල හා සල්ෆර්ඩයොක්සයිඩ් වලින් තැනුණු තුනී වලාවක් මතුපිට ඇත.                            වායුගෝලයෙන් 96% කාබන්ඩයොක්සයිඩ් වලින් යුක්තයි. මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 457 කි. වායුගෝලීය පීඩනය පෘථිවිය මෙන් 90 ගුණයකි. ඔක්සිජන් හා ජලය ස්වල්ප වශයෙන් ඇත.     
 වායුගෝලීය සාධක ජීවයේ පැවැත්මට හිතකර නොවන නිසා ජීවීන්ට හිතකර නොවේ.


පෘථිවිය

වායුගෝලය කිලෝමීටර 8 ක් දක්වා විහිද ඇත. නයිට්‍රජන් 78.11% , ඔක්සිජන් 20.96% , කාබන්ඩයොක්සයිඩ් 0.032% , විරල වායු 1% සංයෝජනය වී ඇත.                                                         
 පරිසර සාධක එකිනෙක අතර පවතින තුලිතතාව නිසා ජීවයේ පැවැත්මට අතිශයින් හිතකරය. ජීවය පවතී.

අගහරැ -

කාබන්ඩයොක්සයිඩ්,නයිට්‍රජන්,ආගන්වලින් තැනුණු තුනී වායුගෝලයක් ඇත. දියරමය තත්වයේ පවතින ජලය නොමැත. සාමාණ්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක -55කි.  
ධ්‍රැව ආශ්‍රිතව සරල ජීවීන් ජීවත් විය හැක නමුත් බුද්ධිමත් ජීවීන් නොමැති බව විද්‍යාඥයින් පිළිගනී.

බ්‍රහස්පති -

හයිඩ්‍රිජන් හා හීලියම් වලින් සෑදුන වායුගෝලයක් ඇත. ඝණ පාෂාණ වලින් හා එය ආවරණය කරමින් ද්‍රව තට්ටුවක් සහ හයිඩ්‍රජන් සමහර තැන්වල දක්නට ලැබේ.
එහි චන්ද්‍රයන් සතු කාළගුණ ලක්ෂණ සලකා බලන විට යම් ආකාරයක ජීවයක් පැවතීමට ඉඩ ඇතැයි විද්‍යාඥයින් පවසයි. නමුත් ජලය මදි කමත් ශ්වසනය සදහා වායුගෝලය සුදුසු නොවමත් නිසා ජීවයේ පැවැත්මට අඩු ඉඩ ප්‍රස්ථාවක් ඇතැයි පැවසේ.

සෙනසුරැ -


බ්‍රහස්පති මත පවතින ලක්ෂණ බොහෝමයක් දුරට සෙනසුරැ ග්‍රහයා මත පවතියි. ටයිටන් නම් උපග්‍රහයා මත වායුගෝලයක් පවතින නමුත් උෂ්ණත්වය ඉතා අඩු නිසා ජීවයට හිතකර නොවේ.

යුරේනස් -


මධ්‍ය දිය වූ පාෂාණවලින් නිර්මාණය වී ඇත. රත්වූ ජලය , මීතේන් හා ඇමෝනියා සාගරයකින් වටවී ඇත. වායුගෝලයේ මීතේන් , හයිඩ්‍රිජන් හා හීලියම් අඩංගු වේ. මෙවැනි සාධක ජීවයේ පැවැත්මට හිතකර නොවන නිසා ජීවයක් අපේක්ෂා කළ නොහැක.

නෙප්චූන් -


වායුගෝලය හයිඩ්‍රිජන් හා හීලියම් වලින් තැනී ඇත. මතුපිට උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රෙඩ් අංශක 177 පමණ වේ. මෙවැනි පරිසර සාධක යටතේ ජීවයක් පැවතිය නොහැක.

ප්ලූටෝ - 


ඉතා ශීත ග්‍රහලොවක් වන මෙය වායුගෝලයක් නොදරයි. ජීවයේ පැවැත්ම සදහා කොහෙත්ම හිතකර නොවේ.


 අපේ සෞරග්‍රහ මණ්ඩපයේ සමහරක් ග්‍රහලෝක වල සුලු ජීවයක් ඇති වීමට හැකියාවක් පවතී නම් වෙනත් මන්දාකිනියක ඇති පරිසර තත්වයන් යටතේ අපගේ පෘථිවිය හා සමානකම් ඇති ග්‍රහවස්තූන් තිබීමට ද ඉඩ තියෙනව. මේ දක්වා විද්‍යාඥයින් අපගේ සූර්ය පද්ධතියෙන් පිටතින් එවන් කිසිම ග්‍රහවස්තුවක පැවැත්ම සොයාගෙන නෑ. ඒ මොකද අපගේ විද්‍යා දැනුම බාහිර විශ්වයත් සමග සැසදීමේදී ඉතා පහල මට්ටමක පවතින නිසා. නමුත් විද්‍යාඥයින්ගේ මතය අනුව ජීවය පැවතිය හැකි ග්‍රහලෝක බාහිර විශ්වයේ විසිරී තියෙනව.

හරි දැන් අපි කථා කරපු විධියට මේ විශ්වයේ කොතනක හරි බුද්ධිමත් ජීවයක් හට ගැනීමට ඉඩක් තියෙනව . ගල් යුගයේ ඉදන් මේ දක්වා සිදු වී ඇති විවිධ සිද්ධීන් නිසා පෘථිවි වාසීන් ඒ කියන්නෙ අපි විස්වාස කරනව පිටසක්වල ජීවීන් කියල කස්ටියක් ඉන්නව කියල. විද්‍යාඥයින් කියන විදියට පිටසක්වල ජීවීන් පෘථිවිය මත ඔවුන්ගේ විවිධ ක්‍රියාකරකම් සිදු කරල තියෙනව. අද වන විට අපට ඔවුන්ව සජීවීව දැකගැනීමට නොහැකි වුවත් ඔවුන් පෘථිවිය මත ඉතිරි කර ගොස් ඇති සාක්ෂි විශාල ප්‍රමාණයක් විද්‍යාඥයින් විසින් සොයා‍ගෙනෙ තියෙනව.

එහෙනම් ඉතින් ඒ දේවල් ගැන අපි ඊලග පෝසට් එකෙන් කථා කරමු................................