Thursday, June 21, 2012

බර්මියුඩා ත්‍රිකෝණය

බර්මියුඩා ත්‍රිකෝණය


ආයෙ ට්‍රැක් එකට ආව.. හරි එහෙනම් කස්ටියට මතක‍නේ මම ‍මේ තිරි‍කෝ‍‍‍‍ණෙ ගැන කථා කරනව කිව්ව කියල. ඔන්න ඉතින් ඒ ගැනත් කථා කරන්න යන්‍ නෙ. ඉතින් ලියන්න කලින් ‍පොඩි ගූගල් පාරක් දැම්ම. ම‍‍ගෙ අප්පේ තිබුනු ‍පෝස්ට් ‍ගොඩ, ‍හුග ‍දෙ‍නෙක් ‍මේ ගැන කථා කරල තිබුන. මමත් ඉතින් ඒව කියවල බැලුව ‍ගොඩක් වැදගත් ලිපි ‍පෙලක්ම තිබුන.හැ‍මෝම ‍මේ ගැන කථා කරලනම් මම කථා ‍නොකර උන්‍‍නොත් හරි නෑ‍ වගේනෙ ඉතින් මමත් ඒ ගැන ටිකක් කථා කරන්න කියලයි බැලු‍‍‍වෙ ‍මොකද ‍මේකටත් පිටසක්වලයින්ගෙ ‍පොඩි ක‍නෙක්ෂන් එකක් ති‍යෙනව කියල කථාවක් ති‍යෙනව.  මමත් ඉතින් ටිකක් ‍හොයල බැලුව ඇත්තක් ති‍යෙනව කියල මටත් හි‍තෙනව...






මෙන්න ‍මේක තමයි ඔය කියන ත්‍රිකො‍‍්ණෙ. ඇමරිකාවේ ෆ්‍‍ලොරීඩා හා බ්‍රසීල මුහු‍දේ සැතපුම් 200 උතුරින් පිහිටි ලක්ෂ 3 යා කරන වර්ගකි‍ලෝමීටර දහස් ගණනකින් සැදුම් ලත් තැනක් තමයි ‍මේක.  අතීත‍යේ සිට ‍මේ දක්වා ‍මේ ගැන විවිධ මත පලවුවත් අදවන ‍තෙක් නිෂ්චිත නිගමනයකට එලැබීමට පරීක්ෂකයන්ට අපහසු වෙලා තියෙනව.. ඒ මක්නිසාදයත් ‍මේ ආශ්‍රිතව සිදුවන සියලු සිද්ධින් මිනිසා ව්‍යාකූල  කිරීමට සමත් වීමයි.

1945 ඉදල ‍මේ දක්වා ‍මෙයට බිලිවූ ගුවන් යානා ප්‍රමාණය ඉතා විශාලයි.‍‍නෞකාවන් 250 කට අධික ප්‍රමාණයක් හා මිනිසුන් දහස් ගණනක් ‍මෙහිදී අතුරැදහන් ‍වෙලා ති‍යෙනව කියල තමයි පරීක්ෂක‍යෝ කියන්නේ. ‍මෙම අතුරැදහන්වීම් වල වි‍ශේෂ ලක්ෂණය තමයි අතුරැදහන් වූ ‍නැවක ‍හෝ යානාවක සුන්බුන් වශ‍යෙන්වත් කිසිම ‍දෙයක් ‍සොයාගැනීමට ‍නොහැකි වීම. ඒ කියන්නේ ‍මෙහිදී අතුරැදහන් උනු යානාවක ‍‍හෝ නෟකාවක ‍ ‍තෙල් බිදුවක්වත් ‍සොයාගන්නට ලැ‍බෙන්නේ නෑ. (මාරයි ‍නේ)  පරීක්ෂකයන් කියන විදියටනම් ‍මේකට ‍හේතුව ‍මෙම ප්‍රදේශ‍‍යේ ඇති අධික ගුරැත්වාකර්ශනයලු. එත් ඉතින් ‍මෙතන ති‍යෙන අවුල තමයි ‍මේ ‍දෙවල් ‍වෙන්නේ ගුරැත්වාකර්ශනය නිසානම් ‍මේ අතුරැදහන් වන ‍නෞකාවල ‍හෝ යානාවල ‍‍කොටස් මුහුදු පතු‍ලේ තිබිය යුතුයි. ඒත් එම සුන්බුන් මුහුදු පත්ලේද ‍නොමැති නිසා අධික ගුරැත්වය නිසාම පමණක් ‍මෙම අතුරැදහන්වීම් සිදුවනවායැයි විශ්වාස කල ‍නොහැකියි. අ‍නෙක් කරැන නම් ‍මෙහි යන සියලුම ‍නෞකා හා ගුවන් යානා අතුරැදහන් ‍නොවීමය. ‍මෙම සිද්ධියට අධික ගුරැත්වය බලපායි නම් සියලුම යානා සහ ‍නෞකා අතරැදහන් විය යුතුය නමුත් එ‍සේ වන්නේද නැත.



1945 දෙසැම්බර් 5 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් ටී.එම්.බී බොම්බ හෙලන ප්‍රහාරක යාන 5 ක් මේ ප්‍ර‍දේශයට ඉහලින් පියාසර කරමින් තිබී ඇත. ගුවන් ගත කල මොහොතේ සිට  ගොඩබිම් පාලන මධ්‍යස්ථාන සමග  සාමාන්‍ය පරිදි සංඥා හුවමාරැ කරගෙන ඇති අතර එක් අවස්ථාවක හදිසියේම මෙම රේඩියෝ සංඥා ඇණහිට ඇත. රේඩියෝ උපකරණ වල දෝශයක් යැයි සිතා නැවත ගුවන්යානා පැමිණෙන තෙක් සිටියද එම ගුවන් යානා නැවත පාලන මධ්‍යස්ථානය කරා පැමිනියේ නැත. පසුව බර්මියුඩා ත්‍රිකෝණය අවට  ඇති සියලුම රේඩාර් උපකරන ක්‍රියාත්මක කර මෙම ගුවන්යානා පිලිබද සෙවීම් කටයුතු සිදුකලද කිසිදු ගුවන්යානයක් අනාවරණය කර ගැනීමට මෙවාට නොහැකි විය. පසුව මෙම අතුරැදහන්වූ ගුවන් යානා පිළිබදව සෙවීමට නියමු චාල්ස් මේලර් එෆ් ටී 87 වර්ගයේ ගුවන් යානාවකින් බර්මියුඩා ත්‍රිකෝණය අසලට යැවිනි. නමුත් සිදුවුයේ කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයකි. අතුරැදහන් වූ ගුවන්යානා පිලිබද සෙවීමට යැවූ යානය වාර්ථා කලේ විශ්වාස කල නොහැකි තොරතුරකි. එනම්

මාගේ ගුවන් යානයට දකුණු පසින් ඉහල අහසේ අස්වාභාවික හැඩයකින් යුත් විශාල වස්තුවක් දිස්වේ. දැන් ගුවන් යානය මගේ පාලනයෙන් තොරයි. මගේ යානය එම වස්තුව වෙත.........
ටී.එම්.බී බොම්බ හෙලන ප්‍රහාරක යානා

දැන් කස්ටිය අහන්න එපා මේක කිව්වේ සිංහලෙන්ද කියල, සිංහල පරිවර්ථනය  තමයි මේ දාල තියෙන්නෙ. මෙම පණිවිඩයෙන් පසුව බර්මියුඩා ත්‍රිකෝණය අසල විශාල පරීක්ෂණයක් දියත් කරනු ලැබුවා . නමුත් යානාවල ගමන් කල නියමුවන් 15 දෙනා හෝ යානා 6 පිලිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිවුනා. අඩුම තරමේ ගුවන්යානා වල කැබැල්ලක් හෝ තෙල් බිදුවක්වත් ඒ අසල මුහුදෙන් සොයා ගන්න බැරි උනා කියල කියනව. මීට අමතරව US Cyclops නම් ටොන් 19000 බරති මගී ප්‍රවාහන නෞකාවක්ද අතුරැදහන් වෙලා තියෙනව. ඒ වගේම The Marine Sulphur Queen නැමැති අඩි 400 දිග භාණ්ඩ ප්‍රවාහන නෞකාවද අතුරැදහන් වෙලා තියෙනව. කෙසේ වෙතත් මෙම අතුරැදහන් වීම් පිළිබදව කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරමින් මේවා අතුරැදහන් වීම විශේෂ ලකෂණයක්. ඔන්න ඔය විදියට කාලේ ගෙවිල යද්දි 1982 අගෝස්තු මාසයේ 13 වන දින මේ හරහා ගමන් කල බෝට්ටුවක සිටි පුද්ගලයින් 6 දෙනෙකු හා බල්ලෙකු අතරැදහන් වෙලා තියෙනව. මීට අමතර එහි සිටි ගිරවා මියගොස් සිටියදී පරීක්ෂකයින් විසින් සොයා‍ගෙන තියෙනව. පසුව මෙම ගිරවා පරීක්ෂා කිරීමේදී ගිරවා මිය යාමට හේතුව අධික ලෙස ඇති වූ කම්පනයකට නිරාවරණය වීම කියල තමයි ප්‍රකාශයට පත් කරල තියෙන්නේ.  පසුව ඇමරිකානු හමුදා රේඩාර් යන්ත්‍ර මගින් මෙම බෝට්ටුව සොයාගැනීමට හැකි වුවද නාවිකයන් හා බල්ලා පිලිබද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනව. මේ විදියට ගුවන්යානා හා නෞකා විශාල ප්‍රමාණයක් බර්මියුඩා ත්‍රිකෝණය අවටදී අතුරැදහන් වෙලා තියෙනව මෙම අතුරැදහන් වීම් වල බොහෝ ගැටලු සහිත ස්ථාන තියෙනව. කොහොම උනත් මේ හැම අතුරැදහන් වීමක් සම්බන්ධයෙන්ම එක් සාමාන්‍ය කරැනක් දකින්න පුලුවන් ඒ තමයි නැවක් හෝ ගුවන් යානයක් අතුරැදහන් වන තුරැම ගොඩබිම් මධ්‍යස්ථානය සමග සමාන්‍ය පරැදි තොරතුරැ හුවමාරැ කරගෙන තියෙනව. ඒ වගේම තවත් විශේෂ කාරණයක් වෙන්නේ 40% පමණ නියමුවන් තම යානය අසල පැවතින යම් වස්තුවක් පිලිබදව ද 30% පමණ තම යානය පාලනයෙන් මිදී ඇති බවද අහස කහ පැහැ ගැන්වී ඇති බවද සදහන් කරල තිබීමයි. පිටසක්වල ජීවීන් පිළබද පරීක්ෂන පවත්වන උදවිය කියන විදියටනම් මෙම අතුරැදහන් වීම් වලට පිටසක්වලයින් සම්බන්ධයිලු. සමහර විය පිටසක්වල ජීවීන්ගේ පරීක්ෂණ කටයුතු සදහා මිනිසුන්ව පැහැර ගෙන යනව වෙන්න පුලුවන් ඒ ගැනත් මම ඉදිරියට කථා කරන්න බලාපොරොත්තු වෙනව.කස්ටියට මතකනෙ X-Files Tv series ( බලල නැත්නම් මෙතනින් යන්න) එක. ඉස්සර කොටස් සේරම වගේ ටීවී එකේ විකාශය උනා එකෙත් මේ බර්මියුඩා ත්‍රිකෝණය හා සම්බන්ධ පිටසක්වල පැහැරගැනීම් ගැන කියවෙනව. කොහොම උනත් නියමුවන්ගේ පූකාශ අනුව මෙම බර්මියුඩා ත්‍රිකෝණය අවට අසාමාන්‍ය පියාඔන වස්තුන් ඇති බව අපිට පිළිගන්න පුලුවන්. හරි එහෙනම් තවත් පොස්ට් එකක් අරගෙන ආයෙමත් එන්නම්....

the marine sulphur queen


http://ufos.about.com/od/classicufocases/a/bermudatriangle.htm
http://en.wikipedia.org/wiki/Bermuda_Triangle

No comments:

Post a Comment