Thursday, June 21, 2012

පිටසක්වලයින් නිපදවූ හයිඩ්‍රිජන් ‍බොම්බය

පිටසක්වලයින් නිපදවූ හයිඩ්‍රිජන් ‍බොම්බය

අදත් ඉතින් රස කථාවක් ලියන්න යන්නෙ. කස්ටියට මතකයිනෙ මම කලින් ලියපු ලිපිය ( තුන්ගුස්කා පිපිරැමl)  ඒකෙදි මම කථා කරා‍‍‍නේ න්‍යෂටික ‍බෝම්බයක් ගැන. ඉතින් අද කථා කරන්න යන්නෙත් ඒ ව‍‍ගේ සිද්ධියක් ගැනයි. 

එ‍හෙමනම් පටන් ගමු. මීට වසර දහස් ගණනකට ‍පෙර ‍ගෝබි කාන්තාර‍යේ සිදූවූ න්‍යෂ්ටික පිපිරීමක් පිළිබදව ‍තොරතුරැ ‍මේ වන විට ‍සොයාගනිමින් පවතිනව. ඒ කියන්‍‍නේ ‍මේ කාන්තාර‍යේ පරීක්ෂණ කටයුතු කිරී‍මේදී ‍සොයාගනු ලැබූ පිළිස්සුනු පස් වල න්‍යෂ්ටික පිපිරීමක සාධක තිබී ති‍යෙනව.  දැන් ‍මෙතන ති‍යෙන පුරස්නෙ තමයි අවුරැදු දහස් ගණනක් පැරණි අතීතයක සිටි මිනිසුන් ‍මෙවැනි පිපුරැමක් සිදු ක‍ලේ ‍කෙ‍‍‍‍සේද යන්න. එම කාල පරාසය තුලදී මිනිසා සතු වූ‍යේ එදි‍නෙදා අවශ්‍යතාවයන්ට සරිලන අහාර පාන ‍සොයාගැනී‍ම සදහා අවශ්‍ය දැනුම පමණයි. ඒ ව‍ගේම එම කාල‍යේ ‍මොවුන්‍‍ගේ ආයුධ වූ‍යේ ගල් පතුරැ හා සත්ව ඇටකටුයි. ඉතින් ගල් ආයුධ භාවිතා කල මිනිසා ‍කෙ‍සේනම් ‍මෙවැනි න්‍යෂ්ටික පිපිරීමක් සිදු කරන්නට ඇත්ද? අපට පිළිගැනීමට සිදුවන්‍ නේ මෙම පිපිරැමට ඔවුන්‍‍‍‍ගේ සම්බන්ධයක් ‍නොමැති බවයි. එ‍සේනම් වසර දහස් ගණනක් පසු පසට දි‍වෙන අතීත‍යේ ‍මෙවැනි පිපිරීමක් සිදු කිරීමට කවුරැන් සම්බන්ධ ඇතිද???



මම හිතන්‍‍‍‍‍නෙ මළ මුහු‍දේ ලියවිල්ල ගැන කස්ටිය අහල ඇති. ‍මෙහි ‍ගොම්රා හා ‍සෝඩම් යන නගර ‍දෙකක විනාශයක් පිළිබදව සදහනක් කර ති‍බේ. එහි සදහන් අන්දමට දුම හා දූවිල්ල කුලුනක් ‍සේ ඉහළට නැගුනි. සල්ෆර් හා ‍ගින්දර ‍සොඩම් හා ‍ගොම්රා නගර ‍වෙත වැටුනි. එහි සිටි ජීවීන් හා ගස්‍ ‍‍කොළ විනාශයට පත්විය. අනාගත පිපිරැමක් සිදු වන බව එහි ජනයාට දැනුම් දී තිබුනි. එ‍මෙන්ම එම පිපුරැම ‍දෙස කිසිම අන්දමකින් ‍නොබලන ‍ලෙසද දැනුම් දී තිබුනි. ඒ සමගම එම ප්‍රදේශ‍යෙන් ඉවත් වන ‍ලෙසත් දැනුම් දී තිබුනි. එ‍හෙත් එම දැනුම් දීම පිලි‍නොගත් අය ඉතා ඈත සිට මුවා වී පිපිරීම ‍දෙස බැලීය. එමගින් ඔවුන‍‍ගේ ඇස් අන්ධ විය.




නගර ‍දෙ‍කේ විනාශය ගැන ‍‍මෙවන් සදහනක් තමයි මළ මුහු‍දේ ලියවි‍ල්‍‍ලේ තිබිල ති‍යෙන්‍‍නෙ. ‍මෙහි කිය‍වෙන ලක්ෂණ වලට අනුව ‍මේ සිදු‍වෙලා ති‍යෙන පිපිරැම හයිඩ්‍රිජන් ‍බෝම්බයක පිරැමක් කියල පිළිගන්න පුලුවන්. දැනට එම නගර පිහිටි ස්ථාන‍යේ දැඩි පිළිස්සුම් සහිත පස් දැකගන්න පුලුවන් නමුත් ඒ අවට කි‍ලෝමීටර ගණනාවක් දක්වා එම ස්ථාන‍යේ නගරයක් තිබූ බවට කිසිම සාක්ෂියක් දක්නට ‍‍‍‍ලැ‍බෙන්‍ ‍නේ නෑ .ගලින් තැනූ විශාල ‍වේදීකාවක් පමණක් දැනට ඉතිරි වී ති‍යෙනව .  සාමාන්‍යයෙන් හයිඩ්‍රිජන් ‍‍බෝම්බයක් ‍‍හෙලීමට ඉතා ‍‍‍හොදින් පියාසර කල හැකි යානයක් අවශ්‍යයි එ‍සේම ඉතා දියුනු තාක්ෂණයක් අවශ්‍යයි. ඒ කියන්‍‍නේ ‍බෝම්බය අත හැරී‍මෙන් පසු සිදුවන හානි‍යේ විශාලත්වය හා එහි පරාසය නිවැරදිව ගණන් බැලිමට හැකිවන තාක්ෂණික දැනුමක් තිබිය යුතුයි. රයිට් ස‍හොදරයින් විසින් ගුවන් යානය නිර්මාණය කිරීමට වසර ගණනාවකට ‍පෙර අහ‍සේ පියාසර කල හැකි හා නිවැරදි ඉලක්කයටකට ‍බෝම්බ ‍හෙලිය හැකි යානා කවුරැන් නිර්මාණය ක‍ලේදැයි අදටත් ප්‍රශ්ණයකි නමුත් ‍‍කෙසේ ‍හෝ එය සිදුවී ඇත. තවද ‍සොඩම් හා ‍ගොම්රා නගර තිබූ ‍දෙපස ආශ්‍රිතව ඇති විශාල ‍වේදිකාව අඩි 60 පමණ දිගය ‍මෙය කුමක්දැයි අදටත් කිසි‍වෙකුටත් විස්තර කළ ‍නොහැක. විද්‍යාඥයින්ගේ අනුමාණය වන්‍‍නේ ‍මෙය පිටසක්වල යානා නැවැත්වීම සදහා ‍යොදා‍ගෙන ඇති බවයි. 



දැන් තවත් ගැටලුවක් පැන නගී එනම් ‍සොඩම් හා ‍ගොම්රා යන නගර වලට සිදුවූ‍යේ කුමක්ද යන්නයි.  එම නගර අසල ඇති ගලින් නිමවූ ‍වේදීකාව පිටසක්වලයින්ගේ යානා නැවතුම් පලක් වු‍යේනම් පිටසක්වලයින් සමග ‍මෙම නගර වැසියන් සබදකම් පැවැත්වූ බව අපට සිතිය හැකිය. එ‍සේම ‍මෙම පිපිරීම පිළිබදව නගර වැසියන් දැන සිටි බවද මළ මුහු‍දේ ලියවිල්ල මගින් සනාථ ‍වේ. එ‍මෙන්ම ‍මෙම පිපිරැම ‍දෙස ‍නොබලන ‍ලෙසත් උප‍දෙස් දී ඇති බව පැහැදිලිය. පිපිරී‍‍මෙන් ඇති විය හැකි ප්‍රථිවිපාක ඔවුන් දැනසිටි බවට එය අනර්ඝ සාක්ෂියකි. පිපිරීම ‍දෙසට ‍නෙත් ‍යොමුකිරීම අහිතකර බව ‍මොවුන් දැනසිටියහ එ‍සේනම් අපට නිගමනය කිරීමට හැකි වන්‍‍නේ ‍මෙම පිපිරැම හා සමග බුද්ධිමත් ජීවීන් පිරිසක් සම්බන්ධ බවය. ‍මොවුන් ‍න්‍යෂ්ටික අත්හදා බැලීමක් සදහා පෘථිවිය ‍යොදා ගත්තා විය හැකිය. නැතිනම් ඔවුන්ගේ තාක්ෂණ‍යෙන් ඉදිකල ‍සොඩම් හා ‍ගොම්රා නගර අනාගත‍යේ තමන්ට බලපෑමක් ‍වේයැයි සීතූ නිසා ඒවා විනාශ කලා විය හැකිය.  ‍‍ඔවුන් පරීක්ෂණ කටයුතු සදහා ‍මෙම පිපිරීම සිදුක‍ලේනම් ඔවුන්ට එය ‍වෙනත් ස්ථානයක සිදු කිරීමට අවස්ථාව තිබුනි. නැතිනම් ජීව‍යෙන් ‍තොර ග්‍රහ‍ලෝකයක පිපිරීම සිදු කිරීමට අවසථාව තිබුනි. නමුත් ඔවුන් ‍සොඩාන් හා ‍ගොම්රා නගර වැසියන්ට නගරයෙන් පිටත් වන ‍ලෙස දැනුම් දී ‍මෙම පිපිරීම සිදු කර ඇත. එමනිසා ‍බො‍හෝවිට සිදුවීමට ඉඩ ඇත්තේ නගර ‍දෙක විනාශ කිරී‍මේ අරමුණින් ‍මෙම පිපිරීම සිදු කිරීමයි. ‍දැන් තවත් ගැටලුවක් මතු ‍වේ එනම් නගර වැසියන්ගේ ජීවිත ආරත්ෂා කර නගරය පමණක් විනාශ ක‍රේ ඇයිද යන්නයි. එයටද පැහැදිලි කිරීමක් දිය හැකිය. නගර වැසියන් සමග ‍මොවුන් සමීප සබදතා පැවැත්වූ බව අපට පිලිගත හැක ( පිටසක්වල යානා නැවතිය හැකි ‍‍වේදිකාව නිසා) එත් සමගම ‍මොවුන්ගේ තාක්ෂණය නගර වැසියන් අතරද ‍‍බෙදී යන්නට ඇත. කාලයත් සමග පෘථිවි වැසියන් ‍මෙම තාක්ෂණය පිලිබද දැනුමක් ලබාගන්නට ඇත. එත් සමගම පිටසක්වලයින්ගේ තාක්ෂණ‍යෙන් නගර ‍දෙක සන්නද්ධ වන්නට ඇත . එ‍සේම ‍මෙම තාක්ෂණය පිටසක්වලයින්ගේ ‍‍ලෝකයට වඩා පෘථිවියට ගැල‍‍පෙන්නද ඇත. ‍මෙම තාක්ෂණය පෘථීවි වාසීන් අතට පත්වුව‍හොත් ඔවුන්ට තර්ජනයක් එල්ල විය හැකියැයි යන බිය නිසා ‍මොවුන් ‍මෙම නගර විනාශ කර දැමුවා විය හැකිය. පෘථිවිය තුලදී ‍මෙවැනි තාක්ෂණයක් නැවත මුල සිට ප්‍රතිනිර්මාණය කිරී‍මේ හැකියාවක් පෘථිවිවාසීන් සතුව ‍නොමැති නිසා පිටසක්වලයින් පෘථීවිවාසීන්ගේ ජීවිත රැක ගැනීමට උප‍දෙස් ලබා ‍දෙන්නට ඇත. ‍එ‍හෙනම් අදට ඇති තවත් කථාවක් අර‍ගෙන ආ‍යෙ එන්නම්.....

http://www.realmagick.com/sodom-and-gomorrah

No comments:

Post a Comment