Thursday, June 21, 2012

දියකිදුරියෝ........

ඔන්න ඉතින් කොල්ල අද ට්‍රැක් එක පයින්නයි යන්නේ. බය වෙන්න දෙයක් නෑ ඊලග පෝස්ට් එකේ ඉදන් ආයෙ ට්‍රැක් එකට වැටෙනව. මගෙ යාලුවෙකුගේ ( අපි එයාට ටිමි කියමුකො. දන්නෝ දනිති) විශේෂ ඉල්ලීමක් නිසා තමයි මේ පෝස්ට් එක ලියන්නේ. 

දියකිදුරියෝ........



රායිට් අද කථා කරන්න යන්නේ දියකිදුරියෝ ගැන. ගූගල් එකේ පීනල මෙයාල ගැන විස්තර ටිකක් හොයා ගත්ත. ඒක තමයි කියන්න යනනේ. මෙයාල ජලයෙ තමයි ජීවත් වෙන්නේ. Mermaid කියල තමයි මෙයාලට ඉංගිරීසියෙන් කියන්නේ. මත්සයෙකුගේ හා මිනිසෙකුගේ ශරීර එක් වීමෙනුයි මොවුන් හැදිල තියෙන්නේ . ඒ කියන්නේ ඉනෙන් උඩ මිනිස් ශරීරයක් හා පහල කොටස මත්ස්‍යය ශරීරයක් විදියටයි හැදිල තියෙන්නේ.විකියෙ තිබුනු විදියට ප්‍රංශ භාෂාවෙන් තමයි මේ නම හැදිල කියන්නේ. ඒ කියන්නෙ  Mer මුහුද යන්නද, Maid තරැණ කාන්තාව යන්නද වශයෙන් තමයි අර්ථ දැක්වෙන්නේ. කස්ටිය Pirates Of The Caribbean 4 චිත්තරපටිය බලල ඇතිනෙ අන්න ඒකෙ ඉන්නව ලස්සන දියකිදුරි අක්කියෙක්. හරි කථාවට බහිමු ලෝකයේ මේගොල්ලො ගැන ගොඩක් මිත්‍යා මත හා මිත්‍යා විශ්වාස තියෙනව ඒ කියන්නේ සමහර රට වල මේ ගොල්ලන්ව දේවත්වයෙන් සලකනව. කියන විදියටනම් මෙයාලට ඉතාම ලස්සන ඒ වගේම ආක්ශනීය රෑපයක් තියෙනවලු (දැකපු කෙනෙක්නම් නෑ හැබැයි) තව නැවියන්ව වශී කරගන්න හැකියාවකුත් තියෙනවලු . මිහිරි සංගීතයක් යොදාගනිමින්ලු වශී කරගන්නෙ ( බලාගෙන ගියාම ‍මෙයාලට මායම් 120 විතර තියෙනව වගේ ) ඒ වගේම මුහුදේ අතරමන් උනු නැවියන්ට නිවැරදි මග පෙන්වීමට ඉදිරිපත් වෙනව කියල මතයකුත් තියෙනවෙ. නැවියන්ට මෙයාලගේ මිහිරි ගී ඇහිල තියෙනව කියල කට කතාත් තියෙනව. මෙයාලගෙ කදුලු ඒ කියන්නේ අර අඩද්දි ඇස් වලින් එන එව්ව, අන්න ඒවගෙන් ලෙඩ සුව කරන්න පුලුවන් හැකියාවක් තියෙනවලු ඒ වගේම ඒව යොදාගෙන අමරණිය වෙන්නත් පුලුවන්ලු කොරන්නෙ කොහොමද කියලනම් මම දන්නේ නෑ..තව දියකිදුරියන්ගේ කදුලු මුදු ඇට බවට පත්වන බව චීන ජාතිකයින් විස්වාස කරනව. කොහොම උනත් මේ හැමදේම මිත්‍යා මත කියල තමයි නවීන ලෝකය පිළිගන්නේ. 







මම කලින් කිව්වනෙ මෙයාලව දේවත්වයෙන් පිළිගන්නව කියල . ග්‍රීක දේවතවියාක් වන Siren තමන්ගේ දූපත අසලින් යන නැවියන් වශීකර තම දූපත අසලට ගෙන්නවා නැව මුදුබත් කරන බවට විශ්වාසයක් ඇත (මට මතක විදියට මම බලල තියෙන ගොඩක් ෆිල්ම් වල මේ දේවතාවිය ගැන කථා වෙනව) . Rusalka යනු රැසියානු මිත්‍යා කථාවක සිටින කාන්තා ආත්මයකි. ජනප්‍රවාදයට අනුව ඇය තමන්ගේ විවාහයට පෙර ඝාතනය කරන ලදී.පසුව ලත් ශාපයෙන් ඇය විලක දියකිදුරියක් ලෙස ජීවත් වෙලා තියෙනවා.එම විල අසලින් යන මිනිසුන් හට මිහිරි ගීත ගායනා කර එම මිනිසුන් තමන් වෙතට ගෙන්වා ගෙන විල පත්ලට ගෙන අතර ඇයව  මෙම ශාපයෙන් මුදවා ගත හැක්කේ ඇය ඝාතනය කල පුද්ගලයා විසින් එම වරද පිලිගත හොත් පමණි යන්න රුසියානු ජනප්‍රවාදයේ සදහන් වෙනව. Triton කියන්නෙ ග්‍රීක දෙවියෙක් . මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මුහුදට අධිපති වන Poseidon ගේ පුත්‍රයා මෙයා කියල තමයි පිළිගනු ලබන්නෙ. මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු  හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා විශ්වාසයන්ට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්රන් මාලිගාවේ වාසය කරයි. තවද ඉන්දියාවේ මිත්‍යා කථාවක අප්සරා නැමැති ජලයේ සිටින දෙවගනක් පිලිබදව සදහනක් ඇත.


දැන්තමා ලොකුම ප්‍රශ්නෙ.. මම දියකිදුරියන්ව ගුගල් කරාම ලෝකෙ විවිධ ස්ථානවලින් සොයාගැනීමට ලැබුනු කිදුරැ කිදුරියන්ගේ පොටෝ වගයක් හම්බුනා. ඒත් ඉතින් මේ ගොල්ලො මම කියපු විස්තරේට කිසිම විධියකින් ගැලපෙන අය නෙමේ. ඔයාලම බලන්නකො.
















කස්ටියගෙ මූනු වලට උනු දේවල් මට මැවිල පේනව.. මොනව කරන්නද ඉතින් මෙයාල ගැන මම ගූගල් සර්ච් කරා ලස්සන ලස්සන පිංතූරනම් ගොඩක් ආව . ඒත් ඉතින් ඇත්තක් කියල ටිකක් හරි පිළිගන්න පුලුවන් මේ පොටෝ ටික විතරයි. අනිත් ඒව ග්‍රැෆික්ස් වලින් හදපුව නැත්නම් මිනිස් අක්කිල ඉන්න ඒව. මේ පිංතූරත් බොරැ වෙන්න පුලුවන් ඒත් යම්තාක් දුරට ඇත්තක් කියල පිලිගන්නත් පුලුවන්.  සමහර විට මෙයාල ඇත්තටම ජීවත් වෙනව ඇති හැබැයි මෙයාලව හොයන එකනම් කලුනික හොයනව වගේ වැඩක්. (සමහර විට පිටසක්වලට පොඩි සම්බන්ධයක් තියෙනවද දන්නෙත් නෑ. අන්තිමේදි කොහොම හරි කථාව ට්‍රැක් එකට දාගන්න පුලුවන් උනා... )

එහෙනම් ඉතින් මම යනව අලුත් දෙයක් අරගෙන ආයෙත් එන්නම්,,,,


http://en.wikipedia.org/wiki/Mermaid

2 comments:

  1. thanxxxxx.....math asawen hitiye meyala gana dana ganna...lassanata meyalage katawa liyala tiyenawa..harima lassanai...:D :D

    ReplyDelete