Tuesday, June 19, 2012

පිටසක්වල ජීවීන් සත්‍යයක්ද ?


ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් බොලොග් එකකට අත ගහන්නයි යන්නේ.... පොඩි කාලෙ ඉදල මට තිබුන ලොකු උනක් තමයි මේ පිටසක්වල ජීවීන් ගැන කතාව. ඉතින් ටිකෙන් ටික ලොකු වෙද්දි එයාල ගැන එක එක කථා අහන්න ලැබුන . එක එක චිත්තරපටිත් බැලුව... ඔහොම කාලෙ ගෙවෙද්දි මගේ යාලුවන්ටත් ඔය උන හැදිල තිබුන .. ඉතින් එහෙම පොරක් සෙට් උනොත් බඩුම තමා අනේ අපොයි මගෙන් අහන දේවල්... මම හිතන විදියට හොඩක් කස්ටියට මේ පිටසක්වල අමුත්තො ගැන දැනගන්න ලොකු ආසාවක් තියෙනව... ඉතින් මේ වෙනකන් මම අහපු දැකපු දේවලුයි කියවපු දේවල් වලිනුයි මට හිතුන දේවල් මම ඔයාල එක්ක බෙදාගන්නයි හදන්නෙ.... හරි එහෙනම් වැඩේ පටන් ගමු...

 

පිටසක්වල ජීවීන් සත්‍යයක් ද?

 

 සාමාන්‍යෙයන් අපි ජීවය කියන්නෙ තම වර්ගයා බිහිකිරීමේ හැකියාව හා එම වෙනස්කම් ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ හැකියාවයි. ( මම නම් නෙමේ කියන්නේ විද්‍යාඥ කාල් සේගාස් මහත්තය තමයි එහෙම කියන්නේ) අපි ඉස්කෝලෙ යන කාලේ අපේ පරිසරය කරන මිස් මට කියල දුන්නේ ශාකයක් හරි සතෙක් හරි පණ තියෙන විදියට පෙනීම ජීවය කියලයි ඒක තමයි සරළම අර්ථ දැක්වීම. මේ ජීවය කියන දේ ඇති වෙන්නත් සාධක ගොඩක් තියෙන්න ඕන ඒ කියන්නේ පෝටීන,න්‍යෂ්ටික අම්ල හා අනුවර්ග වලින් හැදිල තියෙන ජීවය පවතින්න සුදුසු වි‍ශේෂ පරිසර තත්ව තියෙන්න ඕන. අපේ විශ්වයේ අපේ ක්ෂීරපථයේ හෝ වෙනත් මන්දාකිනියක අපේ පෘථිවියට සමාන කරන්න පුලුවන් ග්‍රහලෝකයක් තියෙනවනම් ඒ ග්‍රහවස්තුවේ ජීවයක් හට ගෙන තිබිය යුතුයි. ඉතින් අපි හැමෝම දන්නවනේ ජීවයේ මූලික පදනම C කියල ඒ කියන්නේ පෘථිවයේ ජීවත් වෙන මනුස්සයාගෙ ඉදල බුද්ධිය අතින් දුර්වල‍යි කියන සත්වය වෙනකම් ඉන්න හැම ජීවියෙක්ගේම මූලික පදනම කාබන් කියන මූලද්‍රව්‍ය සහ ජලයයි. ඉතින් අපේ සෙෘරග්‍රහ මණ්ඩලයේ සමහර ග්‍රහලෝකවල ජලය දකින්න පුලුවන් හැබැයි අපේ වගේ ද්‍රව තත්වයෙන්නම් නෑ ... අයිස් නැත්නම් හුමාලය විදියට තමයි තියෙන්නේ. හැබැයි ඉතාම සුලු ප්‍රමාණයන්ගෙන් ද්‍රව ජලය තියෙනව. ඉතින් ඒ වගේ සුලු ජල ප්‍රමාණයක ජීවීන්ට පැවතෙන්න බැරි උනත් ජීවයේ ආරම්භයට ඒක හොද සාධකයක්. විද්‍යාඥයින් කියන විදියට කාබන් පමණක්ම පදනම් නොවී වෙනත් මූලද්‍රව්‍යක් පදනම් කරගෙන ජීවයක් පැවතීමට ඒ ඒ ග්‍රහලෝක වල පරිසර සාධක හිතකර වෙන්න පුලුවන්. මේ විධියට බලද්දි වෙනත් ග්‍රහලෝකෙක ජීවීන් ඉන්න ඉඩ තියෙනව කියල ගොඩක් කස්ටිය විස්වාස කරනව.විද්‍යාඥයින් උපකල්පනය කරන විධියට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින්න තියෙන හැකියාව මෙහෙමයි......

බුධ -

වායු ගෝලයක් හෝ ජලය නොමැත. ඊයම් උණු වන මට්ටමේ ඉතා දැඩි උෂ්ණත්වයක් පවතී.  
එමනිසා බුධ ග්‍රහයා ජීවීන්ට හිතකර නොවේ. 

සිකරැ - 

සල්ෆියුරික් අම්ල හා සල්ෆර්ඩයොක්සයිඩ් වලින් තැනුණු තුනී වලාවක් මතුපිට ඇත.                            වායුගෝලයෙන් 96% කාබන්ඩයොක්සයිඩ් වලින් යුක්තයි. මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 457 කි. වායුගෝලීය පීඩනය පෘථිවිය මෙන් 90 ගුණයකි. ඔක්සිජන් හා ජලය ස්වල්ප වශයෙන් ඇත.     
 වායුගෝලීය සාධක ජීවයේ පැවැත්මට හිතකර නොවන නිසා ජීවීන්ට හිතකර නොවේ.


පෘථිවිය

වායුගෝලය කිලෝමීටර 8 ක් දක්වා විහිද ඇත. නයිට්‍රජන් 78.11% , ඔක්සිජන් 20.96% , කාබන්ඩයොක්සයිඩ් 0.032% , විරල වායු 1% සංයෝජනය වී ඇත.                                                         
 පරිසර සාධක එකිනෙක අතර පවතින තුලිතතාව නිසා ජීවයේ පැවැත්මට අතිශයින් හිතකරය. ජීවය පවතී.

අගහරැ -

කාබන්ඩයොක්සයිඩ්,නයිට්‍රජන්,ආගන්වලින් තැනුණු තුනී වායුගෝලයක් ඇත. දියරමය තත්වයේ පවතින ජලය නොමැත. සාමාණ්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක -55කි.  
ධ්‍රැව ආශ්‍රිතව සරල ජීවීන් ජීවත් විය හැක නමුත් බුද්ධිමත් ජීවීන් නොමැති බව විද්‍යාඥයින් පිළිගනී.

බ්‍රහස්පති -

හයිඩ්‍රිජන් හා හීලියම් වලින් සෑදුන වායුගෝලයක් ඇත. ඝණ පාෂාණ වලින් හා එය ආවරණය කරමින් ද්‍රව තට්ටුවක් සහ හයිඩ්‍රජන් සමහර තැන්වල දක්නට ලැබේ.
එහි චන්ද්‍රයන් සතු කාළගුණ ලක්ෂණ සලකා බලන විට යම් ආකාරයක ජීවයක් පැවතීමට ඉඩ ඇතැයි විද්‍යාඥයින් පවසයි. නමුත් ජලය මදි කමත් ශ්වසනය සදහා වායුගෝලය සුදුසු නොවමත් නිසා ජීවයේ පැවැත්මට අඩු ඉඩ ප්‍රස්ථාවක් ඇතැයි පැවසේ.

සෙනසුරැ -


බ්‍රහස්පති මත පවතින ලක්ෂණ බොහෝමයක් දුරට සෙනසුරැ ග්‍රහයා මත පවතියි. ටයිටන් නම් උපග්‍රහයා මත වායුගෝලයක් පවතින නමුත් උෂ්ණත්වය ඉතා අඩු නිසා ජීවයට හිතකර නොවේ.

යුරේනස් -


මධ්‍ය දිය වූ පාෂාණවලින් නිර්මාණය වී ඇත. රත්වූ ජලය , මීතේන් හා ඇමෝනියා සාගරයකින් වටවී ඇත. වායුගෝලයේ මීතේන් , හයිඩ්‍රිජන් හා හීලියම් අඩංගු වේ. මෙවැනි සාධක ජීවයේ පැවැත්මට හිතකර නොවන නිසා ජීවයක් අපේක්ෂා කළ නොහැක.

නෙප්චූන් -


වායුගෝලය හයිඩ්‍රිජන් හා හීලියම් වලින් තැනී ඇත. මතුපිට උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රෙඩ් අංශක 177 පමණ වේ. මෙවැනි පරිසර සාධක යටතේ ජීවයක් පැවතිය නොහැක.

ප්ලූටෝ - 


ඉතා ශීත ග්‍රහලොවක් වන මෙය වායුගෝලයක් නොදරයි. ජීවයේ පැවැත්ම සදහා කොහෙත්ම හිතකර නොවේ.


 අපේ සෞරග්‍රහ මණ්ඩපයේ සමහරක් ග්‍රහලෝක වල සුලු ජීවයක් ඇති වීමට හැකියාවක් පවතී නම් වෙනත් මන්දාකිනියක ඇති පරිසර තත්වයන් යටතේ අපගේ පෘථිවිය හා සමානකම් ඇති ග්‍රහවස්තූන් තිබීමට ද ඉඩ තියෙනව. මේ දක්වා විද්‍යාඥයින් අපගේ සූර්ය පද්ධතියෙන් පිටතින් එවන් කිසිම ග්‍රහවස්තුවක පැවැත්ම සොයාගෙන නෑ. ඒ මොකද අපගේ විද්‍යා දැනුම බාහිර විශ්වයත් සමග සැසදීමේදී ඉතා පහල මට්ටමක පවතින නිසා. නමුත් විද්‍යාඥයින්ගේ මතය අනුව ජීවය පැවතිය හැකි ග්‍රහලෝක බාහිර විශ්වයේ විසිරී තියෙනව.

හරි දැන් අපි කථා කරපු විධියට මේ විශ්වයේ කොතනක හරි බුද්ධිමත් ජීවයක් හට ගැනීමට ඉඩක් තියෙනව . ගල් යුගයේ ඉදන් මේ දක්වා සිදු වී ඇති විවිධ සිද්ධීන් නිසා පෘථිවි වාසීන් ඒ කියන්නෙ අපි විස්වාස කරනව පිටසක්වල ජීවීන් කියල කස්ටියක් ඉන්නව කියල. විද්‍යාඥයින් කියන විදියට පිටසක්වල ජීවීන් පෘථිවිය මත ඔවුන්ගේ විවිධ ක්‍රියාකරකම් සිදු කරල තියෙනව. අද වන විට අපට ඔවුන්ව සජීවීව දැකගැනීමට නොහැකි වුවත් ඔවුන් පෘථිවිය මත ඉතිරි කර ගොස් ඇති සාක්ෂි විශාල ප්‍රමාණයක් විද්‍යාඥයින් විසින් සොයා‍ගෙනෙ තියෙනව.

එහෙනම් ඉතින් ඒ දේවල් ගැන අපි ඊලග පෝසට් එකෙන් කථා කරමු................................












No comments:

Post a Comment